April 20, 2024

මැතිව්ස් හා සංගා කණ්ඩායම් 02ක් මිලදී ගනියි.. සුපිරි පිතිකරු ක‍්‍රිස්ගේල් වෙන්දෙසියෙන් විසිවෙයි

November 13, 2017

පාකිස්තන සුපිරි ලීග විස්සයි20 තරගාවලියට ක්‍රීඩකයන් තෝරා ගැනීම සඳහා ඊයේ (12දා) පැවැති වෙන්දෙසියේදී ශ්‍රී ලංකාවේ හිටපු නායකයන් දෙපළක් වන කුමාර් සංගක්කාර හා ඇන්ජලෝ මැතිව්ස් කණ්ඩායම් දෙකක් විසින් තෝරා ගෙන තිබේ.

මෙහිදී කුමාර් සංගක්කාර Multan Sultans කණ්ඩායමටත්, ඇන්ජලෝ මැතිව්ස් Lahore Qalandars කණ්ඩායමටත් තෝරාගෙන තිබේ.

මේ අතර ඊයේ පැවැති වෙන්දේසියේදී ඔිස්ටේ‍්‍රලියානු ක‍්‍රීඩක ක‍්‍රිස් ලින් හා දකුණු අප‍්‍රිකානු දග පන්දු යවන ක‍්‍රීඩක ඉම්රාන් තහීර් ඉහළ මිලකට අලෙවි වී ඇති අතර සුපිරි විස්සයි විස්ස ක‍්‍රිඩකයකු ලෙස ප‍්‍රකට ක‍්‍රිස් ගේල් මෙම තරගාවලිය නියෝජනය කරන කණ්ඩායමම් 06න් එකකට වත් තෝරාගෙන නොමැති වීම ද විශේෂත්වයකි.

Rate this item
(0 votes)