April 20, 2024

මගේ උපරිමය කණ්ඩායමට - මැතිව්ස්

තමා ප්‍රතීවාදීන් පිළිබඳ නොතකා නිවැරදි එල්ලයට පන්දු යවා පීඩනය වැඩි කිරීමට පෙළඹුන බව නෙදර්ලන්ත පිලට එරෙහි තරගයේ ඉතා පහසු කඩුළු 09 ක ජයක් ලැබීමෙන් අනතුරු ව තරගයේ වීරයා වූ ඇන්ජලෝ මැතිව්ස් පැවසුවේ ය.

වේග පන්දු යවන කුලසේකර, මාලිංග සහ මම යන තිදෙනා ම හොඳින් පන්දු යැවූ බවත් චිතගොන් තණනිල්ල ද ඒ සඳහා මනා පිටුවහලක් වූ බවත් ඔහු සඳහන් කළේ ය.

ප්‍රතිවාදීන්ට හොඳ පීඩනයක් ඇති කිරීමට ශ්‍රී ලංකා පිලට අවශ්‍ය වූ බවත් අජන්තගේ පන්දු යැවීම ඉතා විශිෂ්ඨ බවත් එය ඉනිම ඉක්මනින් බිඳ දැමීමට හැකි වූ බවත් ඔහු පැවසී ය.

තමා නායකයා වුව ද නොවුණ ද කණ්ඩායමට සිය සම්පූර්ණ සේවය ලබාදීමට බැඳී සිටින බවත් ඉදිරියේ දී ඉතා හොඳින් ක්‍රීඩා කිරීමට වග බලා ගන්නා බවත් ඇන්ජලෝ මැතිව්ස් තරගයෙන් අනතුරු ව පෙන්වා දුන්නේ ය.

Rate this item
(0 votes)