March 28, 2024

වාස්ගේ පන්දුබලඇණිය ආරාබි පිතිකරුවන් වනසයි..පළමු තරගයෙන්ම ශ‍්‍රී ලංකාවට විශිෂ්ට ජයක්..

November 11, 2017

තිසරු රශ්මික හා ජෙහාන් ඩැනියල්ගේ විශිෂ්ට පන්දුයැවීමට හේතුවෙන් වයස අවුුරුදු 19න් පහළ යොවුන් ආසියානු ශූරතාවලියේ ශ‍්‍රී ලංකා කණ්ඩායම සහභාගී වු පළමු තරගයෙන්ම එක්සත් අරාබි එමීර් රාජ්‍යය පරදවා කඩුලු 07ක විශිෂ්ට ජයක් ලැබීමට ශ‍්‍රී ලංකා කණ්ඩායම ඊයේ සමත් විය.

කාසිය වාසිය දිනා පළමුව පිතිකරණයේ යෙදීමට කැමැත්ත පළකළ අරාබි ක‍්‍රිඩකයින්ට එතරම් වෙලාවක් කඩුල්ලේ රැදී සිටීමට නොදුන් ශ‍්‍රී ලංකා යොවුන් පන්දුයවන්නන් පන්දුවාර 22කදී ඔවුන්ගේ ඉනිම ලකුණු 66කට සීමා කිරීමට සමත් වූහ.

පළමු පන්දුවෙන්ම අරාබි නායකයාට අදහාගත නොහැකි පන්දුවයක් යවමින් තිසරු ඩිල්ෂාන් පළමු කඩුල්ල බිදහෙළුවේ චමින්ද වාස්ගේ පුහුණුකාරිත්වය දරන පන්දුයවන්නන්ගේ විශිෂ්ට බාවය පෙන්වමිනි.එක්සත් අරාබි කන්ඩායමේ පිතිකිරුවන්ගේන් වැඩිම ලකුනු රැස් කිරීමට කඩුලු රකින ක‍්‍රීඩක සෙයිඩ් හේදර් සමත් වු අතර ඔහු ලකුණු 16ක් ලබා ගත්හ.

ආරම්භයේ සිටම අරාබි පිතිකරුවන්ට දැඩි තර්ජනයක් එල්ල කළ තිසරු පන්දුවාර 08ක් යවා ලකුණු 17කට කඩුලු 04ක් බිදහෙළු අතර තිසරුට අනගි සහයක් ලබාදුන් උපනායක ජෙහාන් ඩැනියෙල් ලකුණු 14කට කඩුලු 03ක් බිද හෙලූහ.

සිය මංගල තරගයට සහභාගී වූ වමත් වෙග පන්දු යවන ක‍්‍රීඩක කලන පෙරේරා එක් කඩුල්ලක් ද වමත් දග පන්දු යවන ක‍්‍රිඩක ප‍්‍රවීන් ජයවික‍්‍රම අවසන් කඩුලු 02කද බිද හෙලූහ.

ජයග‍්‍රහණය සදහා ලකුණූ 67ක පහසු ඉලක්කයක් ලගා කර ගැනීමේ අරමුණින් පිටියට පිවිසි ශ‍්‍රී ලංකා යෞවනයන් පන්දුවාර 16කදී සිය ජයග‍්‍රහණය තහවුරු කර ගත්තේ කඩුලු 03ක් අහිමිකරගනිමින්.නායක කමිදු මෙන්ඩිස් සිය කණ්ඩායම ජයග‍්‍රහණය වෙත කැදවා ගෙන යමින් පන්දු 40කදී නොදැවී ලකුණු 27ක් රැස් කිරීමට සමත් වු අතර නිපුන් දනංජය නොදැවී ලකුනු 11ක් ලබා ගත්හ.ක‍්‍රිෂාන් සන්ජු ලකුනු 15යි.

එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායම –  සියලු දෙනා දැවී ලකුණු 66යි (පන්දුවාර 22) ෂෙයිඩ් හේදර් 16, තිසරු රශ්මික ඩිල්ෂාන් 4/17, ජෙහාන් ඩැනියෙන් 3/14, ප‍්‍රවින් ජයවික‍්‍රම 2/13

ශ‍්‍රී ලංකා කණ්ඩායම – කඩුලු 03ක් දැවී ලකුනු 68 (පන්දුවාර 16)
කමිදු මෙන්ඩිස් නොදැවී 27, ක‍්‍රිෂාන් සන්ජු 15, නිපුන් ධනංජය නොදැවී 11, ෂා ෆයිසල් ඛාන් 2/30

Rate this item
(1 Vote)