April 24, 2024

පුහුණුකරු ‘සමරවීර’ ලංකාවේ තනිකර ශ‍්‍රී ලංකා කණ්ඩායම ඉන්දියාවට යයි.

November 10, 2017

ඉන්දියානු කණ්ඩායම සමග පැවැත්වෙන තරග 03කින් යුත් ටෙස්ට් තරගාවලිය සදහා සහභාගීවන ශ‍්‍රී ලංකා කන්ඩායම  කල්කටා වට පැමිණි අතර වීසා සම්බන්ධයෙන් වු ගැටලුවක් හේතුවෙන් පසුගියදා පත්වුනු නව ශ‍්‍රී ලංකා පිතිකරු පුහුණුකරු තිලාන් සමරවීම කණ්ඩායම සමග එක්වී නොසිටියහ.

ශ‍්‍රි ලංකා කන්ඩායමේ හිටපු මැදපෙළ පිතිකරුවකු වු තිලාන් සමරවීර මෙම මස 04වැනිදා ශ‍්‍රී ලංකා කන්ඩායමේ පිතිකරු පුහුණුකරු ලෙස පත්වුණු අතර සමරවීට මෙල්බර්න් සිට ලංකාවට පැමිණියේ පසුගිය සදුදායි.ඒ හේතුවෙන් ශ‍්‍රි ලංකා කණ්ඩායම සමග ලංකාවේදි කිසිදු පුහුණු වැඩසටහනකට සහභාගී වීමට සමරවීරට නොහැකිවිය.

කෙසේ වෙතත් ඊඩ්න් ගාඩ්න් ක‍්‍රිඩාංගනයේදී පැවැත්වෙන පළමු තරගයට පෙර ශ‍්‍රී ලංකා කණ්ඩායම දවස් 08ක අමතර කාලයක් තිබෙන අතර ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ ප‍්‍රකාශකයකු පවසා ඇත්තේ සිකුරාදාට පෙර වීසා ගැටලුව විසදීමට බලාපොරොත්තු වන බවයි.

පළමු ටෙස්ට් තරගය නොවැම්බර් මස 16වැනිදා ඊඩ්න් ගාඩ්න් ක‍්‍රිඩාංගණයේදී ආරම්භ වීමට නියමිතව ඇත.එම පළමු ටෙස්ට් තරගයට පෙර ශ‍්‍රී ලංකා කන්ඩායම ඉන්දියානු සභාපතිගේ කණ්ඩායම සමග දෙදෙනි පුහුණු තරගයකට සහභාගී වීමට නියමිතය.

ශ‍්‍රී ලංකා කණ්ඩායම ඉන්දියාවේ ටෙස්ට් සංචාරයක් සදහා නිරත වන්නේ වසර 08කට පසුව වන අතර මේ වන විට ඉන්දියාව සමග ටෙස්ට් තරග 17ක් ක‍්‍රීඩා කර ඇති අතර ඉන් තරග 10ක් ඉන්දියාව ජයගෙන ඇති අතර තරග 07ක් ජයපරාජයෙන් තොරව විසදී ඇත.

Rate this item
(1 Vote)