April 25, 2024

සිකුගේ වාර්තාව නූලෙන් බේරෙයි..රොන්චිගේ ප‍්‍රහාරාත්මක ඉනිම වාර්තා පොත් අලුත් කරයි

November 10, 2017

බී.පී.එල් 2017 තරගාවලියේ චිතගොං වයිකින්ස් කන්ඩායම හා රාන්පූර් රයිඩර්ස් අතර පැවැති තරගයෙන් ලකුණු 11ක ජයක් ලැබීමට වයිකින්ස් කන්ඩායම 11වැනිදා සමත් වුනා

එහිදී හිටපු නවසීලන්ත කඩුලු රකින ක‍්‍රීඩක ලුක් රොන්චි විශිෂ්ට ඉනිමක් දියත් කරමින් පන්දු 35කදී ලකුණු 78ක් ලබාගත්තා.

එහිදී පන්දු 19කදී සිය අර්ධ ශතකය වාර්තා කළ රොන්චි බි.පී.එල් ඉතිහාසයේ තෙවැනි වේගවත්ම අර්ධ ශතකය රැස් කරමින් වාර්තා පොත් අතරටද එක්වුවා.

මෂ්රිෆ් මොටාසාට එරෙහිව පළමු පන්දුවාරයේදීම දැවැන්ත හයේ පහර දෙකකින් ඉනිම ඇරඹු රොන්චි දෙවැනි පන්දුවාරයේදී සොහාග් ගාසිගේ පන්දුවාරයට හතරේ පහර තුනකින්ද තෙවැනි පන්දුවාරයේදී නස්මුල් ඉස්ලාම් හට පිටපිටම 6,6,4,6 ක් එල්ලකරමින් දැඩි ප‍්‍රහාරයක් දියත් කිරීමට සමත් වුනා

බී.පී.එල් ඉතිහාසයේ වේගවත්ම අර්ධ ශතකයට හිමි වාර්තාව පාකිස්තානු කණ්ඩායමේ අහමඩ් ශේෂාඩ් හට හිමිව ඇති අතර 2012 වර්ෂයේදී රාජ්ෂායි කණ්ඩායමට එරෙහිව පන්දු 16කදී ලකුණු 50ක් ලබාගනිමින් එම වාර්තාව පිහිටුවනු ලැබුවා

එම ලැයිස්තුවේ දෙවැනි වේගවත්ම අර්ධ ශතකයට හිමි වාර්තාව ශ‍්‍රී ලංකාවේ සීකුගේ ප‍්‍රසන්නට හිමිව ඇති අතර ඔහු ගියවර පැවැති බි.පී.එල් තරගාවලියේදී ඩකා කණ්ඩායම නියෝජනය කරමින් කුල්නා කණ්ඩායමට එරෙහිව පන්දු 18කදී ලකුණු 50ක් ලබා ගනු ලැබූවා.

Rate this item
(1 Vote)