April 18, 2024

‘මහේල’ ගේ තේරීම අපාරාජිතව සිටි ෂිලාත් කණ්ඩායම පරදවා කුල්නා කණ්ඩායමට මංගල ජය ගෙන ආ හැටි මෙන්න

November 09, 2017

මයිකල් ක්ලින්ගර් ගේ නොදැවුණු විශිෂ්ට ඉනිම හේතුවෙන් බී.පී.එල් තරගාවලියේ අපරාජිත කණ්ඩායමක්ව සිටි ෂිලාත් සික්සස් කණ්ඩායම පරදා මෙවර තරගාවලියේ පළමු ජය හිමිකරගැනිමට මහේල ජයවර්ධනගේ පුහුණුකාරිත්වය දරණ කුල්නා ටයිටන්ස් කණ්ඩායම ඊයේ(08) සමත් වුහ

බංගලාදේශ ප‍්‍රිමියර් ලීග් තරගාවලියේ 08වන තරගය ලෙස පැවැති මෙම තරගයේ කාසිය වාසිය දිනූ කුල්නා ටයිටන්ස් කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමේ වාරය ෂිලාත් කන්ඩායමට ලබාදුන්හ.

කලින් පැවැති තරග තුනෙහිම ආරම්භ කඩුල්ල වෙනුවෙන් අර්ධ ශතක හා ශතක සම්බන්ධතාවයක් ගොඩනගමින් ෂීලාත් කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබාදුන් උපුල් තරංගට හා ඇන්ඩ් ෆ්ලෙචර්ට මෙම තරගයේ දස්කම් දැක්වීමට නොදුන් කුල්නා කණ්ඩායමේ පන්දුයවන්නන් පළමු කඩුල්ල ලෙස ෆ්ලෙචර් ලකුණු 4කටත් තෙවැනි කඩුල්ල ලෙස උපුල් තරංග ලකුනු 26කටත් දවා ගත්හ.

පසුගිය තරගයේ වීරයා වු ධනුෂ්ක ගුණතිලක පන්දු 25කට මුහුණ දෙමින් හයේ පහරක් හා හතරේ පහර 03නක් සමගින් ලකුණු 26ක් රැස් කරගත් අතර ෂීලාත් කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභියා වු නායක නසීර් හුසේන් පන්දු 35කදී හතරේ පහර 05ක් සමගින් ලකුණු 47ක් රැස් කළහ.

පන්දුයැවීමේ නායක මහමදුල්ලා පන්දුවාර 03ක් යවා ලකුණු 12කට කඩුලු 02ක්ද ,22 හැවිරිදි කොදෙව් ක‍්‍රීඩක ජොෆ්රා ආචර් පන්දුවාර 04ක් යවා ලකුණු 25කට කඩුලු 02ක්ද බිද හෙළූහ.

ජයග‍්‍රහණය සදහා ලකුණු 136ක ඉලක්කයක් හඹා යාමේ අරමුණ ඇතිව පිටියට පිවිසි කුල්නා ටයිටන්ස් කණ්ඩායමේ ආරම්භ පිතිකරුවන්ට සාර්ථක වීමට නොදුන් තයිජුල් ඉස්ලාම් මුලු ලකුණු පුවරුවට ලකුණු 43ක් එක්වෙද්දී ප‍්‍රබල පිතිකරුවන් තිදෙනෙකුම ක‍්‍රිඩා ගාරයට හරවා යැවීමට සමත් විය.

එහෙත්  අකිල ධනංජය වෙනුවට කණ්ඩායම කැදවු මයිකල් ක්ලින්ගර් තම තේරීම නිවැරදි බව මනාව සනාථ කරමින් පන්දු 36ක් තුළ හතරේ පහර 05ක් සමගින් නොදැවුණු ලකුණු 47ක් ලබා ගත්තේ කුල්නා ටයිටන්ස් කණ්ඩායම තරගාවලියේ පළමු ජය හිමි කර දෙමිණි.

එහිදී නායක මහමදුල්ලා සමග එක්ව සිව්වැනි කඩුල්ල සදහා ලකුණු 50ක සම්බන්ධතාවයක් පැවැත්වු කිලින්ගර් පස්වන කඩුල්ල සදහ කාලෝස් බාරත්වෙයිට් සමග එක්ව නොදැවුණු 45ක සම්බන්ධතාවක් පැවැත්වීමට සමත් විය

තරගයේ වීරයා පන්දුවෙන් හා පිත්තෙන් දස්කම් දැක්වු කුල්නා ටයිටන්ස් කණ්ඩායමේ නායක මහමදුල්ලාට හිමිවිය

ෂිලාත් සික්සර්ස් කන්ඩායම - කඩුලු 05ක් දැවී ලකුණු 135 (පන්දුවාර 20)
නසීර් හුසේන් 47, රොස් වයිට්ලී 27, උපුල් තරංග 26, ධනුෂ්ක ගුණතිලක 26, මහමදුල්ලා 2/12, ජොෆ්රා ආචර් 2/25 ,සෆියුල් ඉස්ලාම් 1/20

කුල්නා ටයිටන්ස් කණ්ඩායම - කඩුලු 04ක් දැවී ලකුණු 138 (පන්දුවාර 18)
මයිකල් ක්ලින්ගර් නොදැවී 47, මහමදුල්ලා 27, කාලෝස් බරත්වෙයිට් 23, තයිජුල් ඉස්ලාම් 3/19, රොස් වයිට්ලි 1/10

 

 

Rate this item
(1 Vote)