April 25, 2024

අවසන් මෙහොතේ මාලිංග දුන් සටන අපතේ යයි .. ලුක් රොන්චිගේ ප‍්‍රහාරාත්මක ආරම්භය ‘වයිකින්ස්’ ලාට ජය ගෙනෙයි

November 09, 2017

ලුක් රොන්චිගේ ප‍්‍රහාරාත්මක ආරම්භයත් ටස්කීන් අහමඩ් ගේ විශිෂ්ට පන්දු යැවීමටත් හේතුවෙන් බී.පී.එල් තරගාවලියේ හත්වැනි තරගයෙන් රාන්පූර් රයිඩර්ස් කණ්ඩායම පරදවා ලකුණු 11ක ජයක් ලැබීමට චිතගොං වයිකින්ස් කණ්ඩායම අද(08) සමත් විය.

කාසිය වාසිය දිනු රයිඩර්ස් කණ්ඩායමේ ඇරයුමෙන් පළමුවෙන් පන්දුවට පහරදුන් චිතගොං වයිකින්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළදි කඩුලු 04ක් දැවී ලකුණු 166ක් ලබාගත්හ.

එහිදී ප‍්‍රවේගකාරී පිතිහරඹයක් දියත් කරමින් චිතගොං කන්ඩායමට සාර්ථක ආරම්භයක් ලබා දීමට නවසීලන්තයේ හිටපු කඩුලු රකින ක‍්‍රීඩක ලුක් රෝන්චි සමත් වු අතර ඔහු පන්දු 35කදී හයේ පහර 07ක් හා හතරේ පහර 07ක් සමගින් ලකුණු 78ක් ලබා ගත්හ. ඉනිමේ දෙවැනි වැඩිම ලකුණු ලාභියා වු මිස්බා උල් හක් පන්දු 32කදි එක් හතරේ පහරක් සමගින් ලකුණු 31ක් ලබාගත් අතර ශ‍්‍රී ලංකා කණ්ඩායමේ ප‍්‍රවේගකාරී විස්සයි විස්ස පිතිකරු ඩිල්ශාන් මුණවීර පන්දු 17කදි එක් හයේ පහරක් හා එක් හතරේ පහරක් සමගින් ලකුණු 20ක් ලබා ගැනීමට සමත් විය.

පන්දු යැවීමේදී රයිඩර්ස් කණ්ඩායම වෙනුවෙන් රවී බෝපාරා පන්දු වාර 03ක් යවා ලකුණු 14කට කඩුලු 02ක් ද, මස්රීෆ් මොටාසා පන්දුවාර 04ක් යවා ලකුණු 28කට එක් කඩුල්ලක්ද බිද හෙලූහ.

තවද රයිඩර්ස් කණ්ඩායමේ ශ‍්‍රී ලංකා නියෝජනයන් වන තිසර පෙරේරා පන්දුවාර 02ක් යවා ලකුණු 16 එක් කඩුල්ලක් ලබා ගත් අතර ලසිත් මාලිංග පන්දුවාර 04 ලකුණු 25කට සීමා කිරීමට සමත් වුවත් කඩුලු ලබාගැනීමට සමත් වුයේ නැත.

ලකුණු 167ක ඉලක්කයක් සපුරාගැනීමේ අරමුණින් පිළිතුරු ඉනිම ඇරඹු රයිඩර්ස් කණ්ඩායමට නියමිත පන්දුවාර 20 තුළදි කඩුලු 08ක් දැවී ලබාගත හැකි වුයේ ලකුණු 155ක් පමණි.

රාන්පූර් රයිඩර්ස් කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභියා වු රවී බෝපාරා ලකුණු 38ක්ද ශාරීයා නෆීස් ලකුණු 26ක්ද ලබා ගත්හ.තිසර පෙරේරා ලකුණු 11යි.
10 වැනි පිතිකරුවා ලෙස පිටියට පැමිණි මාලිංග එක් හයේ පහරක් හා එක් හතරේ පහරක් සමගින් ලකුනු 14ක් රැස් කළත් රයිඩර්ස් කන්ඩායමේ ජයග‍්‍රහණයට ප‍්‍රමාණවත් නොවිණි.

බෝපාරාගේ දුවද්දී දැවී යාමත් ඇතුළුව පිට පිට කඩුලු 03ක් බිද හෙළමින් රයිඩර්ස් කණ්ඩායමේ ජයග‍්‍රහණ බලාපොරොත්තු බොද කරමින් විශිෂ්ට දස්කම් දැක්වු ටස්කීන් අහමඩ් ලකුණු 31කට කඩුලු 03ක්ද ලුවිස් රීස් ලකුණු 26ක කඩුලු 02ක්ද බිද හෙළූහ.

තරගයේ වීරයා චිතගොං වයිකින්ස් කණ්ඩායමේ ටස්කීන් අහමඩ් හට හිමිවිය.

චිතගොං වයිකින්ස් කණ්ඩායම – කඩුලු 04ක් දැවී ලකුණු 166 (පන්දුවාර 20)
ලුක් රොන්චි 78,මිස්බා උල් හක් 31, ඩිල්ෂාන් මුණවීර 20, රවී බෝපාරා 2/14, මස්රීෆ් මොටාසා 1/28

රාන්පූර් රයිඩර්ස් කන්ඩායම – කඩුලු 08ක් දැවී ලකුණු 155 (පන්දුවාර 20)
රවී බෝපාරා 38, ශාරියා නෆීස් 26, මොහොමඩ් මිතුන් 23, ටස්කීන් අහමඩ් 3/31, ලුවිස් රීස් 2/26

Rate this item
(0 votes)