April 25, 2024

පෝතාස්ගේ තැන ගන්න තිදෙනෙකු මාන බලයි.. ඉන්දියාවෙන් විශේෂ හෙළිදරව්වක්

November 09, 2017

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකාර ධුරය ඉන්දීය තරඟාවලියෙන් අනතුරුව වෙනස් වන බව පැවසෙන අතර වර්තමාන පුහුණුකාර ධුරය දරන නික් පොතාස්ද මෙම ධුරය සඳහා සලකා බලන බවටද පැවසේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් අභ්‍යන්තර ආරංචිමාර්ග උපුටා දක්වමින් ඉන්දීය වෙබ් අඩවියක් වාර්තා කර තිබුනේ ශ්‍රී ලංකාවේ ප්‍රධාන පුහුණුකරු බවට පත්වීමට ඕස්ට්‍රේලියා පුහුණුකරුවන් තිදෙනෙකු සුදානමින් සිටින බවය.

එම වෙබ් අඩවිය පවසන පරිදි ඕස්ට්‍රේලියා වේගපන්දු යවන්නෙකු වූ ජේසන් ගිලෙප්සි,ඩීන් ජෝන්ස් සහ ඇන්ඩ්රු මැක්ඩොනල්ඩ් එම තිදෙනාය.

මොවුන් තිදෙනාගෙන් ඩීන් ජෝන්ස් මේ වනවිට ඇෆ්ගනිස්ථානයේ ප්‍රධාන ක්‍රිකට් පුහුණු කරුවා ලෙස කටයුතු කරන අතර ඔහු ටෙස්ට් තරඟ52කට සහ එක්දින තරඟ 162 කට ඔස්ට්‍රේලියාව නියෝජනය කල ක්‍රිකට් පිළිබඳ හොඳ පළපුරුද්දක් ඇති පුහුනුකරුවකි.

ගිලෙප්සි ටෙස්ට් තරඟ 71ක් එක්දින තරඟ 91ක් ඔස්ට්‍රේලියාව නියෝජනය කිරීමෙන් පසුව පුහුණුකරුවකු ලෙස අත්දැකීම් රැසක් ඇති පුද්ගලයෙකු වන අතර ඕස්ට්‍රේලියා බිග් බෑෂ් තරඟාවලිය එංගලන්ත ප්‍රාන්ත තරඟාවලිය සහ IPL තරඟාවලි සඳහා ගිලෙප්සි පුහුණුකරුවකු ලෙස කටයුතු කර ඇත.

ගිලෙප්සි සහ ඩීන් ජෝන්ස් පුහුණුකරු සටනේ ඉදිරියෙන් සිටින අතර අනෙක් ඕස්ට්‍රේලියානුවා වන මැක්ඩොනල්ඩ් ඔස්ට්‍රේලියාව වෙනුවෙන් ටෙස්ට් තරඟ 4ක ට පමණක් ක්‍රීඩා කර තිබුනද බිග්බෑෂ් තරඟාවලියේ පුහුණුකරුවකු ලෙස එක්වූ ඔහු ක්‍රිකට් ක්ෂේත්‍රයේ දැඩි ඉල්ලුමක් ඇති පුහුණුකරුවකු ලෙසද නමක් දිනාගෙන ඇත.

Rate this item
(0 votes)