April 25, 2024

අවසන් තරගයේ කාසිය වාසිය තරංගට..

ශ්‍රී ලංකාව සහ පාකිස්‌තානය අතර තරග පහකින් සමන්විත එක්‌දින තරගාවලියේ අවසන් තරගය අද (23 දා) සාජා ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන තරගය ශ්‍රී ලංකා වේලාවෙන් ප.ව. 3.30 ට පමණ ආරම්භ වීමට නියමිතය.

තරගයට පෙර කාසිය වාසිය උරගා බැලීම සිදුවු අතර  එහිදී කාසිය වාසිය දිනු ශ‍්‍රී ලංකා කණ්ඩායමේ නායක උපුල් තරංග ප‍්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කළා.

ශ‍්‍රී ලංකා කණ්ඩායමේ වෙනස්කම් තුනක් සිදුකර ඇති අතර සුරංග ලක්මාල්, ළහිරු ගමගේ හා අකිල ධනංජය වෙනුවට දුෂ්මන්ත චමීර, විශ්ව ප‍්‍රනාන්දු හා ජෙෆ්රි වැන්ඩසේ කණ්ඩායමට කැදවා ඇත

පාකිස්තානු කණ්ඩායමේද එක් වෙනස්කමක් සිදුකර ඇති අතර වේගපන්දු යවන ක‍්‍රීඩක ජුනයිඩ් කාන් වෙනුවට ෆහීම් අස්රෆ් කණ්ඩායමට කැදවා ඇත.

තරගාවලිය 4-1 ක්‌ ලෙස පරාජය වී සිටින ශ්‍රී ලංකාවට සැනසීමක්‌ ලැබීමට නම් මෙම තරගය හෝ ජය ගත යුතු අතර පිට පිටම 12 වැනි පරාජයෙන් ගැලවීමටද ශ්‍රී ලංකාව අද උත්සහ කළ යුතුවේ.

ශ‍්‍රි ලංකා කණ්ඩායම

Sri Lanka (Playing XI): Niroshan Dickwella(w), Upul Tharanga(c), Dinesh Chandimal, Sadeera Samarawickrama, Lahiru Thirimanne, Milinda Siriwardana, Seekkuge Prasanna, Thisara Perera, Jefry vandersay, Dushmantha Chameera, Vishwa frenando

පාකිස්තානු කණ්ඩායම

Pakistan (Playing XI): Imam-ul-Haq, Fakhar Zaman, Babar Azam, Mohammad Hafeez, Shoaib Malik, Sarfraz Ahmed(w/c), Imad Wasim, Shadab Khan, Hasan Ali, Usman Khan,Fahim Asraf

Rate this item
(0 votes)