April 20, 2024

සියල්ල තිගැස්මට පත්කරමින් නායක සෆ්රාස් හෙළි කළ දේ

ශ්‍රී ලංකා – පාකිස්තාන් තරගාවලියේදී මුදලට තරග පාවාදීම සම්බන්ධයෙන් ඔට්ටුකරුවන්ගේ නියෝජිතයකු කළ යෝජනාවක් තමන් ප්‍රතික්ෂේප කළ බව පාකිස්තානු නායක සර්ෆ්‍රාස් අහමඞ් හෙළිදරව් කර තිබේ.

ඒ සම්බන්ධයෙන් අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ දූෂණ මර්ධන නිලධාරීන් මෙන්ම ආරක්‍ෂක නිලධාරීන්වත් දැනුම්වත් කිරීමටද පාකිස්තානු නායකයා පියවර ගෙන ඇත.

සර්ෆ්‍රාස් අහමඞ්ගේ මෙම හෙළිදරව්වත් සමගින් පාකිස්තානු කණ්ඩායමේ කළමණාකාරීත්වය මෙන්ම මෙම තරගාවලියට අනුයුක්තව සිටින දූෂණ මර්ධන ඒකකයේ නිලධාරීන් සහ ආරක්‍ෂක නිලධාරීහුද මහත් තිගැස්මට පත්ව සිටිති.

ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැති තෙවැනි එක්දින තරගයට පෙරාතුව පාකිස්තාන නායකයා සිය පවුලේ උදවියත් සමග ඩුබායිහි සුපිරි වෙළඳ සංකීර්ණයක සාප්පු සවාරියේ යෙදෙන විට බුකීකරුවා පැමිණ ඇති බව පාකිස්තාන මාධ්‍ය වාර්තා කරයි.

පාකිස්තාන නායකයා මේ පිළීබඳව පැමිණිලි කිරීමෙන් පසුව කණ්ඩායමේ ආරක්ෂාව තහවුරු කර තිබේ. සිද්ධිය පිළිබඳව පාකිස්තාන ක්‍රිකට් ආයතනයත්,ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයත් පරීක්ෂණ අාරම්භ කර ඇත.

Rate this item
(0 votes)