April 20, 2024

දැවැන්ත ජයක් සමගින් ශ‍්‍රී ලංකා ඒ පිළ තරගාවලිය සම කරති

ශ්‍රී ලංකා A කණ්ඩායම සහ කොදෙව් A කණ්ඩායම අතර ක්‍රිකට් තරඟාවලියේ දෙවන සිව්දින තරඟයේ තෙවන දිනයේදීම කොදෙව් කණ්ඩායම අසරණ කරමින් ලකුණු 280 ක දැවැන්ත ජයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා A කණ්ඩායම සමත් විය.

තෙවන දිනය තුල ශ්‍රී ලංකා ඉනිම 267/9 දක්වා රැගෙන යමින් වනිදු හසරංග ලබා ගත් වේගවත් අර්ධ ශතකයත් සමඟ කොදෙව් කණ්ඩායමට තරඟය ජය ගැනීම සඳහා ලකුණු 425ක ඉලක්කයක් අභියෝග කිරීමත් සමඟ තම දෙවන ඉනිම ඇරඹු කොදෙව් ක්‍රීඩකයන් එකා පිටුපස එකා ක්‍රීඩා ගාරයට යැවීමට මාලින්ද පුෂ්පකුමාර ප්‍රමුඛ ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් විය.

කොදෙව් දෙවන ඉනිම තුලත් කිසිඳු අර්ධ ශතකයක් ලබා ගැනීමට පිතිකරුවන්ට අවස්ථාවක් නොලැබුන අතර කොදෙව් කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වුයේ ලකුණු 41ක් ලබා ගත් සුනිල් අම්බ්‍රිස්ය.

පළමු ඉනිමේ මෙන්ම කොදෙව් දෙවන ඉනිමටත් දැඩි තර්ජන එල්ල කල මාලින්ද පුෂ්පකුමාර කොදෙව් කඩුලු 6ක් තම නමට ලියා ගත් අතර ෂෙහාන් ජයසුරිය කඩුලු දෙකක් ද ධනංජය සිල්වා සහ කසුන් රාජිත එක කඩුල්ල බැගින්ද දවා ගැනීමට සමත් විය.

මෙම තරඟයේදී ශ්‍රී ලංකා A කණ්ඩායම වෙනුවෙන් පිත්තෙන් දක්ශතා දැක්වීමට ප්‍රහාරාත්මක තුන් ඉරියව් ක්‍රීඩක දසුන් ශානක සමත් වුනේ පලමු ඉනිමේ ශතකයන් සහ දෙවන ඉනිමේ අර්ධ ශතකයක් ලබමිනි.දසුන්ට අමතරව නායක දනංජය පලමු ඉනිමේ ශතකයක් ලබා ගැනීමට සමත් වූ අතර රොෂේන් සිල්වා සහ වනිදු හසරංග ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් අර්ධ ශතක ලබා ගනිමින් පිත්තෙන් දක්ෂතා දැක්වීමට සමත් විය.

ශ්‍රී ලංකා A කණ්ඩායම වෙනුවෙන් ෂෙහාන් ජයසුරිය තරඟයේ කොදෙව් කඩුලු 4ක් දවා ගැනීමට සමත් වෙද්දී තරඟයේ වීරයා බවට පත් වෙමින් සුපිරි පන්දු යැවීමක් දියත් කිරීමට මාලින්ද පුෂ්පකුමාර සමත් වුනේ තරඟයේ කොදෙව් කඩුලු 12ක් ලකුණු 98 කට බිඳ දමා ගනිමිනි.

ශ්‍රී ලංකා ‘ඒ’ පළමු ඉනිම – (සියල්ලන් දැවී) – 294 (73.3) – දසුන් ශානක 102*,ධනංජය ද සිල්වා – 73, චරිත් අසලංක – 41, රොෂේන් සිල්වා – 30, කියොන් ජෝසප් – 3/32, ඩේමියන් ජෙකබ්ස් – 2/74, රකීම් කෝන්වෝල් – 2/85

කොදෙව් ‘ඒ’ පළමු ඉනිම – (සියල්ලන් දැවී) – 137 (44.3) – රකීම් කෝන්වෝල් – 46, සුනිල් අම්බ්‍රිස් -29, ශෙල්ඩන් කොට්‍රේල් 18, මාලින්ද පුෂ්පකුමාර – 6/52, ෂෙහාන් ජයසුරිය – 2/8

ශ්‍රී ලංකා ‘ඒ’ දෙවන ඉනිම (අත්හිටුවන ලදි) – 267/9 (67.5) – රොෂේන් සිල්වා – 86, දසුන් ශානක – 60, වනිඳු හසරංග – 50*, ෂෙහාන් ජයසුරිය – 32, රකීම් කෝන්වෝල් – 5/107

කොදෙව් ‘ඒ’ දෙවන ඉනිම – (සියල්ලන් දැවී) – 144 (54) – සුනිල් අම්බ්‍රිස් – 41, ඔශේන් – 18, ශෙල්ඩන් කොට්‍රේල් 17, මාලින්ද පුෂ්පකුමාර – 6/46, ෂෙහාන් ජයසුරිය – 2/48

Rate this item
(1 Vote)