March 29, 2024

සදීර කණ්ඩායමට කැදවූ ඇත්තම හේතුව ක‍්‍රිකට් බළධාරියකු හෙලි කරයි

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ පාකිස්ථාන කණ්ඩායම අතර පැවති පළමු එක්දින තරඟ දෙකෙන් අනතුරුව ශ්‍රී ලංකා සංචිතයේ වෙනසක් සිදු කරමින් දක්ෂ තරුණ ක්‍රීඩකයෙකු වන සධීර සමරවික්‍රම කැඳවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව තීරණය කර ඇත.

ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්ථාන කණ්ඩායම අතර පැවති ටෙස්ට් තරඟාවලිය සඳහා නම් කල සධීර එම තරඟාවලියේ දෙවන තරඟයට ලහිරු තිරිමාන්න වෙනුවට ක්‍රීඩා කරමින් තමන් ක්‍රීඩා කල පළමු ටෙස්ට් ඉනිමේම පාකිස්ථාන පන්දු යවන්නන් මායිම් නොකර පිටිය වටේ එල්ල කල සුපිරි පහරවල් සමඟ ජාත්‍යන්තර විචාරකයන්ගේද පැසසුමට ලක් විය.

සධීර 19 න් පහල ක්‍රීඩා කරන අවදියේ සිටම විචාරක අවධානය දිනාගත් ක්‍රීඩකයෙකු වූ අතර ඔහු දේශීය පිටියේ දැක්වූ දක්ෂතා සමඟ ශ්‍රී ලංකා කණ්ඩායමේ දොරටුව ආසන්නයේ අවසන් කාලයේම බලා සිටි සධීරට දැන් ටෙස්ට් වරම් සහ එක්දින සංචිතයේද අවස්ථාව හිමිවී ඇත.

ශ්‍රී ලංකා පාකිස්ථාන ටෙස්ට් තරඟාවලියේ අවසානය සමඟ කොදෙව් A කණ්ඩායම සහ ශ්‍රී ලංකා A කණ්ඩායම අතර ක්‍රිකට් තරඟාවලියට ක්‍රීඩා කිරීමට නම් කර සිටි සධීර එක්දින සංචිතයට තරඟාවලිය අතරතුරදී කැඳවීමට හේතුව ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරියෙකු ප්‍රකාශ කර ඇත්තේ පාකිස්ථාන කණ්ඩායම පිට දඟ පන්දු යවන්නන් යොදාගෙන වමත් පිතිකරුවන්ට එල්ල කරන පීඩනය නිසා තවත් දකුණත් ක්‍රීඩකයෙකු සංචිතයට කැදවු බවය.

පාකිස්ථාන කණ්ඩායමේ මොහොමඩ් හෆීස් ,ෂොහිබ් මලික්,සහ ඉමාඩ් වසීම් තරඟයේ පන්දුවාර 10 ත් 40 ත් සීමාවේදී ශ්‍රී ලංකා පිතිකරුවන්ට ලකුණු ලබා නොදී පීඩනයට පත් කිරීමේදී මැද පෙළ වමත් පිතිකරුවන් වන ලහිරු තිරිමාන්න,මිලින්ද සිරිවර්ධන සහ තිසර පෙරේරා පසුගිය තරඟ වල පීඩනයට පත් වන ආකාරය දැක ගත හැකි විය.

Rate this item
(3 votes)
Last modified on Wednesday, 18 October 2017 10:07