March 29, 2024

2019 ලෝක කුසලානයේ සුදුසුකම් ලැබීමේ තරග සදහා දින නියම වෙයි..

2019 ලෝක කුසලාන තරගාවලිය සඳහා සුදුසුකම් ලබන අවසන් කණ්ඩායම් දෙක තෝරා ගැනීමේ තරගාවලිය ලබන වසරේ මාර්තු මාසයේ සිම්බාබ්වේ හිදී පැවැත්වෙන බව ජාත්‍යන්තර ක්‍රිකට් සම්මේලනය නිවේදනය කළා.

පසුගිය සැප්තැම්බර් 30 වන දා කාලවිරාමය අවසන් වන විට අයි.සී.සී. එක්දින දර්ශකයේ මුල් ස්ථාන 8 හිමි කර ගත් කණ්ඩායම් ලෝක කුසලානයට ඍජුව සුදුසුකම් ලැබුවා.

ශ්‍රී ලංකාව ද එහිදී අවදානමකට ලක්ව සිටිය ද බටහිර ඉන්දීය කොදෙව් පිළ එංගලන්ත සංචාරයේදී අපේක්ෂිත දස්කම් දැක්වීමට අපොහොසත්වීම නිසා මෙම සුදුසුකම් ලැබීමේ තරගාවලියට සහභාගිවීමට සිදුවනවා.

කොදෙව් පිළ මෙන්ම අයි.සී.සී. එක්දින දර්ශකයේ අවසන් ස්ථාන හිමිකරගෙන සිටින සිම්බාබ්වේ, ඇෆ්ගනිස්ථාන සහ අයර්ලන්ත කණ්ඩායම්වලට සිම්බාබ්වේ හි පැවැත්වෙන මෙම සුදුසුකම් ලැබීමේ තරගාවලියට සහභාගි වීමට සිදුවනු ඇති.

ලෝක ක්‍රිකට් ලීග් තරගාවලියේ ඉදිරියෙන් සිටින නෙදර්ලන්ත, පැපුවානිව්ගිනියා, ස්කොට්ලන්ත සහ හොංකොං කණ්ඩායම් ද මෙම තරගාවලියට එක්වීමට නියමිතයි.

 

Rate this item
(2 votes)
Last modified on Wednesday, 18 October 2017 09:58