April 26, 2024

නොවැම්බර් මස පැවැත්වීමට නියමිත ආසියානු කුසලානය සදහා ශ‍්‍රී ලංකා සංචිතය නම් කරයි..

මැලේසියාවේදි නොවැම්බර් 9 දා සිට 20 දා දක්වා  පැවැත්වෙන අවුරුදු 19 න් පහළ ආසියානු කුසලාන තරගාවලිය සඳහා සහභාගිවන ශ්‍රී ලංකා සංචිතය ක්‍රිකට් ආයතනය විසින් අද (13ද) ප්‍රකාශයට පත් කළේය.

ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වයට කමිඳු මෙන්ඩිස් ඇති අතර උපනායක තනතුර සඳහා ජෙහාන් ඩැනියෙල් නම් කොට තිබේ. කමිඳු මෙන්ඩිස් වමතින් හා දකුණතින් එකම ඉරියව්වකින් පන්දු යවන ක්‍රීඩකයෙකු ලෙස ප්‍රසිද්ධය.

19න් පහළ ශ්‍රී ලංකා සංචිතය –

කමිඳු මෙන්ඩිස්, ජෙහාන් ඩැනියෙල්, අශේන් බණ්ඩාර, ධනංජය ලක්ෂන්, නිශාන් මධුශංක, නිපු් ධනංජය, හසිත බෝයගේ, ක්‍රිෂාන් සංජුල, රන්දීර් රණසිංහ, තිසරු රශ්මික, නිපුන් රංසික, පී. ජයවික්‍රම, කළණ පෙරේරා, කේ.කේ. කෙවින්.

Rate this item
(1 Vote)
Last modified on Friday, 13 October 2017 11:22