March 28, 2024

ලසිත් මාලිංග පාකිස්ථානයට එරෙහිව කණ්ඩායමට කැඳවයි..

පාකිස්ථානය සමග පැවැත්වෙන විස්සයි විස්ස තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග එක්වනු ඇති බවට තේරීම් කමිටුවේ සභාපති ග්‍රැහැම් ලැබ්රෝයි පවසනවා.

පාකිස්ථානය සමග පැවැත්වෙන එක්දින තරගාවලිය සඳහා ලසිත් මාලිංග නම් කර තිබුණේ නැහැ.

ශ‍්‍රී ලංකාව හා පාකිස්තානය අතර තරග 05කින් යුත් එක්දින තරගාවලිය හෙට ආරම්භ වීමට නියමිතයි.

Rate this item
(1 Vote)
Last modified on Thursday, 12 October 2017 08:31