October 19, 2017

පාකිස්තානයට එරෙහි විස්සයි විස්ස සටනට කුසල් ජනිත් යළි පිටියට.?

පාකිස්තානු කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත විස්සයි විස්ස තරඟාවලිය සඳහා කුසල් ජනිත් පෙරේරා නැවතත් කණ්ඩායමට එකතු කර ගැනීමට හැකි වනු ඇති බවට ඉන්දීය වෙබ් අඩවියක් වාර්තා කර ඇත.

මෙම සතිය අවසානයේ පැවැත්වෙන යෝග්‍යතා පරීක්ෂණයෙන් සමත් වුවහොත් එළඹෙන තරඟාවලියට ක්‍රීඩා කිරීමේ වැඩි ඉඩක් ඇති බවට ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ එක්සත් අරාබි එමීර් සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රබලයෙකු පැවසු බව මෙම වෙබ් අඩවිය වැඩි දුරටත් වාර්තා කර ඇත.

නිමා වූ චැම්පියන්ස් කුසලාන තරඟාවලියේ ඉන්දීය කණ්ඩායම සමඟ පැවති තරඟයේ ජයග්‍රහණය සඳහා විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කරමින්සිටියදී කුසල් ආභාදයට ලක් වූ අතර එම අබාධයෙන් පසු මෙතෙක් පැවැති කිසිදු තරගාවලියකට කුසල් සහභාගි වුයේ නැත

Rate this item
(5 votes)
Last modified on Wednesday, 11 October 2017 14:43