October 19, 2017

දිල්රුවන්ගෙන් ඉන්ද්‍රජාල පන්දු යැවීමක්...පාකිස්ථානය පරාජය කරමින් ශ්‍රී ලංකාවට වාර්තාගත ජයක්..

ඉන්දීය කණ්ඩායම හමුවේ ශ්‍රී ලංකාවේදී ලැබූ පරාජයන් සමඟින් දැඩි විවේචනයට ලක්වූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට නැවතත් තම අභිමානය ක්‍රිකට් ලෝකයේ ඉහලින් තබා ගැනීමට අත්‍යවශ්‍ය වූ ජයග්‍රහණය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද දිනයේදී සමත් විය.

මෙම ජය සමඟ තරඟාවලියට පෙර කටමැත දෙඩවූ පාකිස්ථාන ක්‍රිකට් ප්‍රවීනයන් ගොලුවී ඇති අතර මෙම ජයග්‍රහණය ශ්‍රී ලංකා කණ්ඩායම ලබා ගන්නේ ඇන්ජලෝ මැතිව්ස්,උපුල් තරංග සහ අසේල ගුණරත්න වැනි ටෙස්ට් කණ්ඩායමේ ප්‍රබල නිත්‍ය සාමාජිකයන් නොමැතිව වීම තවත් වැදගත් කරුණකි.

එමෙන්ම මෙම ජයග්‍රහණය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පාකිස්ථානය ලැබූ පළමු ටෙස්ට් තරඟාවලි පරාජය මෙන්ම දෙවන ඉනිමේ ලකුණු 100 කට අඩුවෙන් ලබාගත් කණ්ඩායමක් සියවසකට පසුව ටෙස්ට් ජයක් ලබා ගැනීමත් නිසා තවත් වැදගත් වේ.

අවසන් දිනයේ ජයග්‍රහණය සඳහා ලකුණු 119 ක් ලබා ගැනීමට කඩුලු 5ක් අතැතිව පැමිණි පාකිස්ථානය ශ්‍රී ලංකාව දෙවන පන්දුව ලබා ගැනීම සමඟ අසරණ වන අයුරක් දැක ගැනීමට හැකි විය.දිල්රුවන් පෙරේරා ලබාගත් කඩුලු 5 ශ්‍රී ලංකා ජයග්‍රහණයට ප්‍රධාන සාධකයක් විය.

මේ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම තමන් මුහුණ දුන් පළමු ටෙස්ට් තරඟයේ ජය තමන් සතු කර ගැනීමට සමත් වුනේ ලකුණු 68 කිනි.

ශ‍්‍රී ලංකා පළමු ඉනිම සියලු දෙනා දැවී ලකුණු 482යි

දිමුත් කරුණාරත්න 196යි, දිනේෂ් චන්දිමාල් 62යි, දිල්රුවන් පෙරේරා 58යි,නිරෝෂන් දික්වැල්ල 52, යෂීර් ශා  6/184

පාකිස්තානු පළමු ඉනිම සියලු දෙනා දැවී ලකුණු 262යි

අසාර් අලී 59යි, හැරිස් සොහිල් 56යි, දිල්රුවන් පෙරේරා 3/ 72, රංගන හේරත් 3 /84,

ශ‍්‍රී ලංකා දෙවැනි ඉනිම සියලු දෙනා දැවී ලකුනු 96යි

කුසල් මෙන්ඩිස් 29යි,වහබ් රියාස් 4/ 41 ,හැරිස් සොහිල් 3/ 1

පාකිස්තානු දෙවැනි ඉනිම සියලු දෙනා දැවී ලකුනු 250යි

අසාද් ශෆීක් 112යි,සෆ්රාස් අහමඩ් 68යි ,දිල්රුවන් පෙරේරා 5 /98,රංගන හේරත් 2 /57

Rate this item
(1 Vote)