October 19, 2017

චන්දිමාල් යශීර්ට බයේ ගත් තීරණය වැරදුනාද…..

ශ්‍රී ලංකාව හා පකිස්ථාන පිළ අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් තරඟයේ තීරණාත්මක සිව්වන දිනය අදයි.

වසර 35 ක ටෙස්ට් ඉතිහාසයේ සිය මංගල දිවා/රාත්‍රී ටෙස්ට් තරගයට සහභාගි වෙමින් සිටින ශ්‍රී ලංකාව දෙවැනි ටෙස්ට් තරගයේ තුන්වැනි දිනය වූ ඊයේ (8) තරගය නතර කරන විට සිය දෙවැනි ඉනිම සඳහා කඩුලු 5 ක් දැවී ලකුණු 34 ක් ලබා සිටියේය.

පන්දු 21 කදී ශ්‍රී ලංකා පිලේ ප්‍රබලතම පිතිකරුවන් තිදෙනකු ආපසු ක්‍රීඩාගාරයට යැවූ වහබ් රියාස් මුල් ඉනිමේදී ශ්‍රී ලංකා කණ්ඩායම ලබාගත් ලකුණු 220 ක වාසිය තිබියදීම පාකිස්තානු පිල නැවතත් තරගයට කැඳවාගෙන ආවේය.

මුල් ඉනිමේදී ලබාගත් වාසිය හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායම ඒ වන විටත් ලකුණු 254 ක් ඉදිරියෙන් සිටින නමුත් තරගයේ තවත් සම්පූර්ණ දින දෙකක්ම ඉතිරිවී තිබෙන බැවින් ඒ වන විට සෑහෙන අසීරුතාවකට මුහුණ දී සිටියේය.

ශ්‍රී ලංකාවේ ලකුණු 482 ට පිළිතුරු සොයාගිය පාකිස්තානු පිල ලකුණු 262 දී නතර කරගත් ශ්‍රී ලංකා පිලට පාකිස්තානු පිතිකරුවන් නැවතත් පිටියට කැඳවීමේ සියලු අවස්ථා තිබිණ.

එහෙත් යසීර් ෂා වැනි දඟ පන්දු යවන්නකු හමුවේ සිවුවැනි ඉනිමේදී පන්දුවට පහර දීමේ අවදානමට මුහුණ දෙනවාට වඩා ආරක්‍ෂාකාරී ලකුණු සංඛ්‍යාවක් ලබාගැනීම මැනවයි අදහස් කළ ශ්‍රී ලංකා නායකයා සිය දෙවැනි ඉනිම ආරම්භ කිරීමට තීරණය කළද ශ්‍රී ලංකා පිලට ලැබුණේ අතිශය භයංකාර ආරම්භයකි.

save image

save image

save image

 

 

Rate this item
(0 votes)
Last modified on Monday, 09 October 2017 12:37