April 25, 2024

ශ්‍රී ලංකාව, ශ්‍රී ලංකාවේදී පරාජය කිරීමට ප්‍රබල මෙහෙයක් කල වේගපන්දු යවන්නා ක‍්‍රිකට් පිටියෙන් සමුගනියි..

ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඕස්ට්‍රේලියා කණ්ඩායම අතර අවසන් වරට ශ්‍රී ලංකාවේ පැවති ක්‍රිකට් තරඟ මාලාවේදී ටෙස්ට් තරඟ මාලාවේ දරුණු පරාජයෙන් පසුව ,පැවති එක්දින තරඟාවලිය ජය ගැනීමට ඔස්ට්‍රේලියාවට ඉමහත් සේවයක් කල වේගපන්දු යවන ක්‍රීඩක ජෝන් හෙයිස්ටින්ග් එක්දින සහ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමු ගැනීමට තීරණය කර ඇත.හෙයිස්ටින්ග් එම තරඟාවලියේ තම එක්දින දිවියේ හොඳම පන්දු යැවීමද වාර්තා කරමින් ලකුණු 46 කට කඩුලු 6 ක් ද දවා ගැනීමට සමත් විය.

මෙම අංශ දෙකෙන් සමු ගත්තද T20 තරඟ සමඟ අඛණ්ඩව රැදී සිටීමටද හෙයිස්ටින්ග් අපේක්ෂා කරයි.

හෙයිස්ටින්ග් මෙලෙස සමු ගැනීමට තීරණය කිරීමේ ආසන්න සිදුවීම ලෙස ඔහු කලක පටන් පීඩා විඳින අභාද තත්වය හේතු වී ඇති බවද ඕස්ට්‍රේලියාවෙන් ලැබෙන වාර්තා පවසයි.

ඕස්ට්‍රේලියා ක්‍රිකට් ප්‍රධානී ජේම්ස් සදර්ලන් හෙයිස්ටින්ග් ගේ සමු ගැනීම පිළිබඳව අදහස් දක්වමින් හෙයිස්ටින්ග් දක්ෂ සටන් කරුවකු බවත් ඔහු ඕස්ට්‍රේලියා එක්දින ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් විශාල මෙහෙයක් සිදු කල ක්‍රීඩකයෙකු ලෙසද ඕස්ට්‍රේලියා ක්‍රිකට් ප්‍රධානියා හෙයිස්ටින්ග්ව හඳුන්වා ඇත.

Rate this item
(0 votes)