April 24, 2024

ඉන්දීය තරගාවලියෙන් පසු ගොඩක් උපදෙස් ලැබුණා..මීට කලින් මේ වගේ තත්වයක සෙල්ලම් කරලා නෑ..දික්වැල්ල කියන අමුතු කතාව

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කඩුලු රකින ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ලට පකිස්ථානය සමඟ පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරඟය මේ වන විටත් විශේෂ ටෙස්ට් තරඟයක් බවට පත්වී තිබෙන්නේ.ඔහු තම ටෙස්ට් දිවියේ වැඩිම ලකුණු ප්‍රමාණය මෙම තරඟයේ පළමු ඉනිමේ ලබා ගැනීමට සමත්වූ නිසාවෙනි.

තෙවන දිනයේ අවසානයේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් දික්වැල්ල පවසා ඇත්තේ තමන්ගේ පළමු ඉනිමේ පිතිහරඹය සියලු දෙනා තමාගෙන් අපේක්ෂා කල පිතිහරඹය බවයි.පසුගිය ඉන්දීය තරඟාවලිය තුල තමා හොඳ ඉනිම් වලට මුල පිරුවද කලබල වීම නිසා කඩුල්ල පුජා කිරීම පිළිබඳවද දික්වැල්ල අදහස් දක්වා ඇත.පුහුණුකරුවන් සහ උපදෙස් දෙන්නන් විසින් ඉන්දීය තරඟාවලියෙන් පසුව තමාට ලබාදුන් උපදෙස් අනුව ක්‍රීඩා කිරීමට තමාට හැකිවූ බවද දික්වැල්ල මාද්‍ය වෙත පවසා ඇත.

තමාගෙන් කණ්ඩායම අපේක්ෂා කරන්නේ බොහෝ කණ්ඩායම් වල ටෙස්ට් තරඟ වල කඩුලු රකින්නන්ගේ කාර්යය වන අවසන් පිතිකරුවන්ද එකතු කරගෙන හැකිතරම් ලකුණු ප්‍රමාණයක් කණ්ඩායමට එකතු කිරීමේ කාර්යය බවත් තමා එම කාර්යය කිරීමට සුදානම් බවත් දික්වැල්ල පවසා ඇත.තමාට ශතකය ලබා ගැනීමට නොහැකි වීම පිලිබඳව අවංකවම කනගාටුවක් පවතින බවද දික්වැල්ල මාද්‍යවේදීන් හමුවේ පවසා ඇත.

තමාගේ සාමන්‍ය විදිය වන පන්දු යවන්නන් පීඩනයට පත්කරන ආකාරයේ පහරවල් එල්ල කිරීමටද තමා කිසිවිටකත් පසුබට නොවන බව දික්වැල්ල පවසා ඇත.

මෙම තරඟය ක්‍රීඩා කිරීමට වී ඇති තත්වය ගැනද පවසන දික්වැල්ල පවසා ඇත්තේ මීට පෙර තමන් උෂ්ණත්වය සහිත තත්වයන් යටතේ ක්‍රීඩා කර තිබුනද මේ තරම් උණුසුමෙන් දාහය තිබෙන තත්වයක් යටතේ ක්‍රීඩා කර නොමැති බවයි.

Rate this item
(1 Vote)
Last modified on Sunday, 01 October 2017 11:12