සංගාගේ කණ්ඩායමෙන් මහේල ඉවතට(VIDEO)
ලොව විශිෂ්ටතම වමත් පිතිකරුවෙක් ලෙස සැලකෙන ශ්‍රී ලංකා හිටපු නායක කුමාර් සංගක්කාර මේ දිනවල එංගලන්ත ප්‍රාන්ත ක්‍රිකට් තරගාවලියට සහභාගිවී සිටියි.
මෙවර තරග වාරයෙන් අනතුරුව පළමු පෙළ ක්‍රිකට් ඇතුළුව සියලු ක්‍රිකට් තරගවලට සමුදීමට ඔහු අදහස් කරගෙන සිටින අතර, ඔහුගේ සදාතනික ක්‍රිකට් කණ්ඩායම (ALL TIME - XI) පසුගියදා ප්‍රකාශයට පත් කළේය.
කෙසේ වෙතත් ඔහු ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමට ක්‍රීඩා කරන කාලයේ ඔහුගේ හොඳම කණ්ඩායම් සගයා හා ව්‍යාපාරික සගයා වන මහේල ජයවර්ධන මෙම කණ්ඩායමට ඇතුළත් නොවීම සුවිශේෂීය. සංගක්කාර සඳහන් කරන පරිදි ශ්‍රී ලංකාවේ මහේල ජයවර්ධන හා අරවින්ද ද සිල්වා අතරින් අංක පහ ස්ථානයේ ක්‍රීඩා කිරීමට ක්‍රීඩකයෙක් තෝරාගැනීම තමාට ඉතාම දුෂ්කර වූ බවයි.
මහේල ශ්‍රී ලංකාව බිහිකළ විශිෂ්ටතම ක්‍රීඩකයෙක් බව තමා අවිවාදයෙන් පිළිගන්නා බවත් සදාතනික කණ්ඩායම මෙහෙය වීම සඳහා ශ්‍රී ලංකාවේ අරවින්ද ද සිල්වා තෝරාගත් බවත් ඔහු එහිදී පැහැදිලි කළේය.
සංගක්කාර තේරූ මෙම කණ්ඩායමට ඔස්ට්‍රේලියානුවන් සිවුදෙනෙක්, ශ්‍රී ලාංකිකයන් තිදෙනෙක්, එක් ඉන්දියානුවෙක්, එක් කොදෙව් ක්‍රීඩකයෙක්, එක් දකුණු අප්‍රිකානු ක්‍රීඩකයෙක් සහ එක් පාකිස්තානුවෙක් ඇතුළත්ය.