April 26, 2024

බෙන් ස්ටෝක්ස් පොලිස් අත්අඩංගුවට

September 26, 2017

එංගලන්තයේ බි්‍රස්ටල් නුවරදී ඇතිවූ කිසියම් සිදුවීමක් හේතුවෙන් එංගලන්ත පිලේ තුන් ඉරියව් ක්‍රීඩක බෙන් ස්ටෝක්ස් අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ අනුව බෙන් ස්ටෝක්ස් සහ ආරම්භක පිතිකරු ඇලෙක්ස් හේල්ස් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමත් සමගින් ලන්ඩන් නුවර ඕවල් ක්‍රීඩාංගණයේදී හෙට පැවැත්වෙන සිවුවැනි එක්දින තරගයෙන් ඉවත් කිරීමට තීරණය කළ බව එංගලන්ත ක්‍රිකට් අධ්‍යක්‍ෂක ඇන්ඩෲ ස්ට්‍රෝස් මහතා මාධ්‍යවේදින් හමුවේ පැවසීය.

බිරිස්ටල්හි සිද්ධියකින් පසු සදුදා උදෑසන බෙන් ස්ටොක් මෙසේ පොලිස් අත්අඩංගුවට පත්ව ඇති අතර ඔහු එක් රැයක් රදවා ප‍්‍රශ්න කිරීම්ද සිදු කොට ඇත.

ඇලෙක්ස් හේල්ස් හට එම පරීක්ෂණ සදහා පොලිසියට සහය දීමට සිදුව ඇති බැවින් ඔහුටද ඉදිරි තරග දෙක අහිමිව ඇති බවට තවදුරටත් වර්තා වනවා.

අපිට මේ සම්බන්ධයෙන් වැඩි විස්තරයක් පැවසිමට නොහැකි බව මේ අවස්ථාවේදී ඔබලා තේරූම් ගත යුතුයි. නමුත් අපිට පුළුවන් හැකි ආකාරයෙන් විස්තර ලබාදීමටත් අපි කටයුතු කරනවා යැයි ස්ටොස් මහතා වැඩිදුරටත් පැවසීය.

 

Rate this item
(0 votes)