March 29, 2024

ශ‍්‍රී ලංකාවට එරෙහිව පාකිස්තානයෙන් වේගපන්දු යවන්නන් 05කගෙන් යුත් ප‍්‍රබල සංචිතයක්

September 26, 2017

ශ්‍රී ලංකා කණ්ඩායම සහ පකිස්ථාන කණ්ඩායම අතර එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වීමට නියමිත ටෙස්ට් තරඟමාලාව සඳහා වන සංචිත දෙකම මේ වනවිට නම් කර අවසානය.

පකිස්ථාන කණ්ඩායම 2010 ට පසුව ඔහුන්ගේ පසුගිය කාලයේ ටෙස්ට් ක්‍රිකට් ජයග්‍රහණ පිටුපස සිටි ප්‍රධානම බලකණු දෙකක් වූ මිස්බා උල් හක් සහ යුනිස් ඛාන් නොමැතිව තරඟ වදින අතර ශ්‍රී ලංකා කණ්ඩායමද සංගා මහේල සමුගැනීමෙන් පසුව ඔවුන් සතුවූ අත්දැකීම් බහුලම පිතිකරුවන් දෙදෙනා වන ඇන්ජලෝ මැතිව්ස් සහ උපුල් තරංග නොමැතිව තරඟයට පිවිසේ.

පාකිස්ථාන තේරීම් කමිටු ප්‍රධානී ඉන්සමාම් උල් හක් පවසන අන්දමට මිස්බාගේ සහ යුනිස් ඛාන්ගේ අඩුපාඩු පිරවීමට පකිස්ථාන සංචිතයට නම් කල හැරිස් සොහෙල් සහ උස්මාන් සලහුදීන් ඉතා දක්ෂ පිතිකරුවන් දෙදෙනෙකු වන නිසා පසුගිය කාලයේ ඔවුන් පළමුපෙළ තරඟ වල දැක්වූ දක්ෂතා අනුව යම් තාක් දුරකට මිස්බා,යුනිස් නැති අඩුව මොවුන් දෙදෙනාට පිරවීමට හැකි වනු ඇත.

පසුගිය ටෙස්ට් තරඟ මාලාවන් තුල පකිස්ථානයේ වඩාත්ම සාර්ථක පිතිකරුවා වන අසාර් අලී සහ පකිස්ථානයේ ප්‍රබලම දඟ පන්දු බලාපොරොත්තුව වන යශීර් ශා පසුගිය දිනවල ආභාද තත්වයෙන් පසු වුවද සංචිතය නම් කිරීමට පෙර පවතී යෝග්‍යතා පරීක්ෂණයෙන් දෙදෙනාම සමත් වීම නිසා දෙදෙනාම පකිස්ථාන සංචිතය සඳහා නම් කර ඇත.

පකිස්ථාන කණ්ඩායම අවසන් වරට සහභාගී වූ කොදෙව් ටෙස්ට් තරඟාවලියට ක්‍රීඩා කල මිස්බා උල් හක්,යුනිස් ඛාන්,අශාඩ් ෂෆීක්.ශෝහාබ් ඛාන් වෙනුවට පකිස්ථාන කණ්ඩායමට සාමි අස්ලාම්,හැරිස් සොහෙල්,බිලාල් අසීෆ්,මීර් හමාස් නම් කර ඇත.මොවුන් අතරින් තුන් ඉරියව් ක්‍රීඩක බිලාල් අසීෆ් සහ වේගපන්දු යවන මීර් හමාස් තවමත් ටෙස්ට් වරම් දිනාගෙන නැත.

එක්සත් අරාබි එමීර් තණතිලි පිතිකරුවන්ගේ පාරදීසයන් වන නිසාවෙනුත් සෙල්සියස් අංශක 40 කට ආසන්න උෂ්ණත්වයක් යටතේ පන්දු යවන්නන් දැඩි වෙහෙසකට පත්වීමත් නිසාත් ප්‍රතිවාදීන් දෙවරක් දවා ගැනීමේ අසීරු ඉලක්කය වෙත යාමට පකිස්ථාන සන්චිතය වේගපන්දු යවන්නන් පස් දෙනෙකුගෙන් සහ දඟ පන්දු යවන්නන් තුන් දෙනෙකුගෙන් සමන්විත කල බව පකිස්ථාන ක්‍රිකට් තේරීම් කපිටු ප්‍රධානී ඉන්සමාම් උල් හක් පවසා ඇත.

පකිස්ථාන සංචිතය.

Azhar Ali, Shan Masood, Sami Aslam, Babar Azam, Asad Shafiq, Haris Sohail, Usman Salahuddin, Sarfraz Ahmed (capt), Yasir Shah, Mohammad Asghar, Bilal Asif, Mir Hamza, Mohammad Amir, Hasan Ali, Mohammad Abbas, Wahab Riaz

Rate this item
(0 votes)