April 20, 2024

ශ්‍රී ලංකාවට අත්වූ ඉරණම ඕස්ට්‍රේලියාවටත්…

September 25, 2017

සංචාරක ඔස්ටේ‍්‍රලියානු කණ්ඩායම හා ඉන්දියානු කණ්ඩායම අතර ඉන්දෝර්හිදී පැවැති තෙවැනි එක්දින තරගයෙන් කඩුලු 05ක ජයක් ලැබීමට ඉන්දියානු කණ්ඩායම සමත් විය.

එම ජයත් සමගින් තරග දෙකක් ඉතිරිව තිබියදීම 3-0 ලෙස එක්දින තරගාවලිය ජයගැනීමට ඉන්දියානුවෝ සමත් වූහ

ඔ්ස්ටේ‍්‍රලියානු නායක ස්මිත් කාසියේ වාසිය දිනා ගැනීමෙන් අනතුරුව පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළ  අතර ඔවුන් නියමිත පන්දුවාර 50 තුල කඩුලු 06ක් දැවී ලකුණු 293ක් ලබා ගැනීමට සමත් වූහ

එහිදී ආරම්භක පිතිකරු ඇරෝන් ෆින්ච් නැවතත් කණ්ඩායමට එකතු වෙමින් අගනා ලකුණු 124ක් ලබා ගැනීමට සමත් වුයේ හයේ පහර 05ක් හා හතරේ පහර 12ක්ද සමගින්.

නායක ස්මිත් ෆින්ච් සමග එක්වෙමින් දෙවැනි කඩුල්ලට ලකුණු 154ක අගනා සම්බන්ධතාවයක් පැවැත්වු අතර ස්මිත් ලකුණු 63ක් ලබා ගැනීමට සමත් වූහ

ජයග‍්‍රහණය සදහා ලකුණු 294ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි ඉන්දියානු කණ්ඩායමේ ආරම්භක පිතිකරු යුගලය පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 139ක දැවැන්ත ලකුණු සංඛ්‍යාවක් කණ්ඩායමට එක් කළ අතර එහිදී අජින්ක්‍යා රහානේ ලකුනු 70ක් ද රෝහිත් ශර්මා ලකුණු 71ක්ද රැස් කළහ.

පිතිකරු ලැයිස්තුවේ උසස්වීමක් ලද හර්දික් පාණ්ඩ්‍යා එම ගත් තීරණය නිවැරදි බව සනාථ කරමින් පන්දු 72කදී වේගවත් ලකුනු 78ක් රැස් කරමින් ජයග්‍රහණය පෙනි පෙනී තිබියදී ගියද මනීෂ් පාණ්ඬේ පැමිණ ලබාගත් ලකුණු 36 හේතුවෙන් ඉන්දියානුවන්ට අසීරුවකින් තොරවම තරගය ජයගත හැකිවිය.

Rate this item
(0 votes)
Last modified on Monday, 25 September 2017 23:28