March 29, 2024

ලබන මාසයේ ශ්‍රී ලංකාවට මුහුණ දෙන කොදෙව් සංචිතය නම් කරයි

September 25, 2017

එළඹෙන ඔක්තෝම්බර් මාසයේ කොදෙව් දුපත් වලදී ආරම්භ වීමට නියමිත කොදෙව් A සහ ශ්‍රී ලංකා A කණ්ඩායම් අතර පැවැත්වීමට නියමිත ක්‍රිකට් තරඟාවලියේදී කොදෙව් කණ්ඩායම මෙහෙය වීමේ වගකීම ශාමර් බෘක් නම් කිරීමට කොදෙව් ක්‍රිකට් බලධාරීන් තීරණය කර ඇත.

නම් කල සංචිතයට ජාත්‍යන්තර අත්දැකීම් ඇති ක්‍රීඩකයන් වන විෂුවල් සිං සහ වමත් වේගපන්දු යවන ක්‍රීඩක ශේල්දන් කොට්‍රල් ද නම් කර ඇත.කොදෙව් බලධාරීන් මහත් බලාපොරොත්තු තබාගෙන සිටින තරුණ ක්‍රීඩකයන් වන රඛීම් කොරන්වෙල් සහ සුනිල් ඇම්බ්‍රෝස් ද මෙම සංචිතයට නම් කර ඇත.

මෙම තරඟාවලිය කොදෙව් නවකයන්ට ජාතික කණ්ඩායමට එක්වීමට හොඳ අවස්ථාවක් වනු ඇති බව කොදෙව් තේරීම් කමිටු ප්‍රධානී කර්ටලී බ්‍රවුන් මාද්‍ය වෙත අදහස් දක්වා ඇත.අද නම් කල කොදෙව් සංචිතය මෙසේය.

Windies A squad:Shamarh Brooks (captain), Vishal Singh (vice-captain), Sunil Ambris, John Campbell, Yannic Cariah, Rahkeem Cornwall, Sheldon Cottrell, Jahmar Hamilton, Montcin Hodge, Damion Jacobs, Keon Joseph, Reynard Leveridge, Oshane Thomas.

 

Rate this item
(0 votes)