April 23, 2024

පකිස්ථාන සංචාරයට සධීරට අවස්ථාවක්, මැතිව්ස් අභාදයට ලක්වේ

September 21, 2017

ශ්‍රී ලංකා කණ්ඩායම සහ පකිස්ථාන කණ්ඩායම අතර පැවැත්වෙන ටෙස්ට් තරඟාවලිය සඳහා තවමත් ජාත්‍යන්තර වරම් දිනා නොමැති දක්ෂ තරුණ ක්‍රීඩකයෙකු වන සධීර සමරවික්‍රම කැඳවීමට තේරීම් කමිටුව තීරණය කර ඇත.

ශ්‍රී ලංකා කණ්ඩායමට ආරම්භක පිතිකරු කෞෂාල් සිල්වා නැවතත් ශ්‍රී ලංකා සංචිතයට කැඳවා ඇති අතර කණ්ඩායමේ උපනායක තනතුර සඳහා ලහිරු තිරිමාන්න නම් කිරීමට නව තේරීම් කමිටුව තීරණය කර ඇත.

ඇන්ජලෝ මැතිව්ස් අභාද තත්වයක් නිසා පළමු ටෙස්ට් තරඟයට ක්‍රීඩා නොකරන අතර ඔහුගේ ස්ථානය සඳහා මැදපෙළ පිතිකරු රොෂේන් සිල්වා නම් කර ඇත.

නම් කල සංචිතය මෙසේය.

Dimuth Karunaratne,Kaushal Silva,Kusal Mendis,Sadheera Samarawickrema,Dinesh chandimal – captain,Lahiru Thirimanna – vice captain,Angelo Matthews/ Roshen Silva,Niroshan Dickwella,Rangana Herath,Lakshan Sandakan,Dilruwan Perera,Suranga Lakmal,Nuwan Pradeep,Vishva FernandoLahiru Gamage

මීට අමතරව අතිරේක ක්‍රීඩකයන් ලෙස නම් කර ඇත්තේ,

Dhananjaya De Silva,Jeffery Vandersay,Akila Dananjaya,Lahiru Kumara,Dasun shanaka

Rate this item
(0 votes)