April 16, 2024

පාකිස්තානයේ තවත් ක‍්‍රීඩකයෙකුට වසර 05ක තරග තහනමක්

September 21, 2017

පාකිස්‌තාන් ජාතික කණ්‌ඩායම නියෝජනය කළ කලීඩ් ලතීෆ් එරට සුපර් ලීග් ක්‍රිකට්‌ තරගාවලියේදී තරග පාවාදීමකට හසුව තිබේ. ඒ අනූව ඔහුට වසර පහකට ක්‍රිකට්‌ තරග තහනමක්‌ පැනවීමට පකිස්‌තාන් ක්‍රිකට්‌ ආයතනය ඊයේ තීරණය කළේය.

පාකිස්‌තානය වෙනුවෙන් එක්‌දින තරග පහකට සහ විස්‌සයි විස්‌ස තරග 13 කට 31 හැවිරිදි ලතීෆ් ක්‍රීඩා කර තිබේ. මීට පෙර පාකිස්‌තාන් ජාතික කණ්‌ඩායම නියෝජනය කළ ක්‍රීඩකයන් කිහිප දෙනෙක්‌ම තරග පාවාදීම් හේතුවෙන් දඩුවම් ලබා තිබේ.

Rate this item
(0 votes)