April 24, 2024

සංගාගේ ලකුණු මැෂිම නොනවතී..ඉනිමක සාමන්‍යය 124.45 යි

September 21, 2017

සංගාගේ ලකුණු මැෂිම නොනවතී..ඉනිමක සාමන්‍යය 124.45 යි

ලංකාවේ මෑත කාලයේ බිහිවූ සුපිරි පිතිකරුවෙකු ලෙස හැඳින්විය හැකි කුමාර සංගක්කාර කැරිබියන් ප්‍රිමියර් ලීග තරඟාවලියෙන් පසුව එංගලන්ත ප්‍රාන්ත තරඟාවලියේ ක්‍රීඩා කල දෙවන තරඟයේදී ද ශතකයක් ලබාගනිමින් සුපිරි ඉනිමකට මුල පුරා සිටින අතර මෙම ශතකය එංගලන්ත ප්‍රාන්ත තරඟාවලියේ සංගා ලබාගත් අටවන ශතකය ලෙස වාර්තා ගත විය.

මෙම ප්‍රාන්ත තරඟවාරයෙන් පසුව ක්‍රිකට් ක්‍රීඩාවට සමුදීමට සැලසුම් කර සිටින මේ සුපිරි පිතිකරුවා මේ වනවිට මේ තරඟවාරයේ ඉනිම 13ක් තුල ශතක අටක් අර්ධ ශතක තුනක් සමඟ ලකුණු 1369 ක් රැස් කරගෙන සිටින අතර ඔහුගේ ඉනිමක සාමන්‍යය දැක්වෙන්නේ 124.45 ක් ලෙසය.

සමර්සෙට් කණ්ඩායම සමඟ පැවැත්වෙන තරඟයේ දෙවන දිනයට තරඟය නතර කරන විට සමර්සෙට් කණ්ඩායම ලබාගත් ලකුණු 269 ට පිළිතුරු සපයන සරේ කණ්ඩායම කඩුලු 6ක් දැවී ලකුණු 328 ක් රැස් කරගෙන සිටින අතර කුමාර සංගක්කාර නොදැවී ලකුණු 119 ක් ලබාගෙන සිටින්නේ හතරේ පහර 15ක් සහ හයේ පහරක්ද සමඟිනි.අද දිනයේ සරේ පසුපෙළ පිතිකරුවන් ලබාදෙන සහයෝගය අනුව සංගා ලබා ගන්නා ලකුණු ප්‍රමාණය තීරණය වනු ඇත.

Rate this item
(1 Vote)