April 19, 2024

කලකට පසු පිටියට පැමිණි මෙන්ඩිස්ගෙන් විශිෂ්ට දස්කම්

September 20, 2017

අජන්ත මෙන්ඩිස් ගේ තුන්ඉදිරයව් දක්ෂතා නිසාවෙන් Venora Last Man Stands – Race to Cape Town 2017 තරගාවලියේ ThePapare.com  කණ්ඩායම සමග පැවැති විස්සයි විස්ස තරගයෙන් කඩුලු 06ක විශිෂ්ට ජයක් ලබා අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලැබීමට  Lion Warriors කණ්ඩායම සමත් විය.

එහිදී පළමුවෙන් පන්දුවට පහරදුන් ‘ද පපරේ’ කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුලදි කඩුලු 05ක් දැවී ලකුනු 124ක් රැස් කරගත් අතර ‘වොරියර්ස්’ කණ්ඩායම වෙනුවෙන් පන්දුවෙන් දස්කම් දැක්වු අජන්ත මෙන්ඩිස් පන්දුවාර 04 තුළ ලකුණු 26කට කඩුලු 02ක් දවා ගැනීමට සමත් විය

පිළිතුරු ඉනිම ඇරඹු ‘වොරියර්ස්’ කණ්ඩායම පන්දුවාර 18 පන්දු 04කදී සිය ජයග‍්‍රහණය තහවුරු කර ගත් අතර එහිදී පිත්තෙන් දස්කම් දැක්වු අජන්ත මෙන්ඩිස් නොදැවී ලකුනු 21ක් ද ලබා ගැනීම ට සමත් විය.

Rate this item
(1 Vote)