April 20, 2024

කොදෙව් පරාජය සමඟ ශ්‍රී ලංකාව 2019 ලෝක කුසලානයට සුදුසුකම් ලබයි

September 20, 2017

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම හා එංගලන්තය අතර පැවැති පළමු එක්දින තරගයෙන් කඩුලු 07ක ජයක් ලැබීමට එංගලන්තය ඊයේ සමත් විය.

අයහපත් කාළගුණික තත්වය හේතුවෙන් ප‍්‍රමාද වී ඇරඹුණු මෙම තරගය එක් කණ්ඩායමක් පන්දුවාර 42කට සීමා විය.

ඒ අනුව තරගයේ කාසිය වාසිය දිනු බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළ අතර නියමිත පන්දුවාර 42 තුලදී කඩුලු 09ක් දැවී ලකුණු 204ක් ලබා ගැනීමට සමත් විය.

කෙදෙව් කණ්ඩායම වෙනුවෙන් කිසිවකුත් අර්ධ ශතකයක් හෝ රැස් කිරීමට සමත් නොවු අතර වැඩිම ලකුණු ලාභියා වු නායක ජේසන් හෝල්ඩර් නොදැවී ලකුණු 41 ක්ද ,  2015 ලෝක කුසලානයෙන් පසුව කණ්ඩායමට එක් වු ක‍්‍රිස් ගේල් පන්දු 27කදී වේගවත් ලකුණු 37ක්ද, රැස් කළහ.

පන්දු යැවීමේදී එංගලන්ත කණ්ඩායම වෙනුවෙන් බෙන් ස්ටොක් කඩුලු 03ක්ද ක‍්‍රිස් වෝකස් හා අලීඩ් රශීඩ් කඩුලු 02 බැගින් බිඳ හෙලූහ.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පැමිණි එංගලන්ත කණ්ඩායම කඩුලු 03ක් දැවි සිය ඉලක්කය සපුරා ගැනීමට සමත් වු අතර එහිදී ආරම්භක පිතිකරු ජොනි බෙයිස්ටෝර් ශතකයක්ද ජෝයි රූට් අර්ධ ශතකයක්ද(54) ලබා ගැනීමට සමත් විය.පන්දු යැවීමේදී එංගලන්ත දැවී ගිය කඩුලු 3න් දෙකක්ම බිඳ දමා ගැනීමට විලියම්ස් සමත් විය.

කොදෙව් කණ්ඩායමේ මෙම පරාජය සමඟ ICC ය නිල වශයෙන් නිවේදනය කලේ ශ්‍රී ලංකා කණ්ඩායම 2019 ලෝක කුසලාන තරඟාවලියට ඍජුව සුදුසුකම් සපුරා ගත් බවය.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ කඩයිම පසුකල අතර,ලෝක කුසලාන ඉතිහාසයේ පළමු ලෝක කුසලාන දෙකටම හිමිකම් කී කොදෙව් කණ්ඩායම සුදුසුකම් ලැබීමේ වටයකට සහභාගී වෙමින් එහි දක්වන දක්ෂතා මත 2019 ලෝක කුසලාන තරඟාවලියට සුදුසුකම් ලබනු ඇත.

save image

save image

Rate this item
(1 Vote)