April 20, 2024

ශ්‍රී ලංකා කණ්ඩායමට තීරණාත්මක තරගාවලියක් අද

September 19, 2017

2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම ඍජුවම සුදුසුකම් ලබන්නේද නැද්ද යන්න තීරණය කෙරෙන තීරණාත්මක තරගාවලියක් අද (19) සිට ආරම්භ වනවා.

ඒ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම හා එංගලන්තය අතරයි.

තරග පහකින් සමන්විත මෙම තරගාවලියේ පළමු තරගය අද එංගලන්තයේ මැන්චෙස්ටර් හිදී ආරම්භ වීමට නියමිත අතර මෙම තරගාවලියේ ප‍්‍රතිඵලය මත 2019 ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලිය සදහා සෘජුවම සුදුසුකම් ලබන රටවල් 08 තීරණය වෙයි.

මේ වන විට 09 වැනි ස්ථානයේ සිටින කොදෙව් කණ්ඩායමට ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීමට නම් මෙම තරගාවලිය 5-0 ක් ලෙස හෝ 4-0ත් ලෙස ජයගත යුතුයි. එසේ නොවුනහොත් මේ වන විටත් 08 වන ස්ථානයේ පසුවන ශ‍්‍රි ලංකාවට ලෝක කුසලාන තරගාවලියට සෘජුවම සුදුසුකම් ලැබීමේ අවස්ථාව හිමිවෙයි.

මේ වන විටත් බංගලාදේශ කණ්ඩායම ඇතුලු රටවල් 07ක් ලෝක කුසලාන තරගාවලිය සදහා සුදුසුකම් ලබා අවසන්.

 

 

Rate this item
(0 votes)