April 20, 2024

ප‍්‍රහාරාත්මක කොදෙව් පිතිකරුවාගෙන් ලෝක වාර්තාවක්

September 18, 2017

විස්සයි විස්ස ජාත්‍යන්තර තරගවලදී හයේ පහරවල් 100ක් ලබාගත් පළමු ක‍්‍රිඩකයා වශයෙන් වාර්තා පොත් අතරට එක් වීමට ක‍්‍රිස් ගේල් ඊයේ සමත් වුනා.

ඊයේ එංගලන්තය සමග පැවැති විස්සයි විස්ස තරගයේදී වමත් වේග පන්දු යවන ක‍්‍රිඩක ඩේවිඩ් විලී හට හයේ පහරක් එල්ල කරමින් ක‍්‍රිස් ගේල් එම වාර්තාව තැබීමට සමත් වුවා

හතරේ හයේ පහරවල් වලින් පන්දුයවන්නන් සමග ගනුදෙනු කරන 37 වියැති මෙම දේහදාරී ක‍්‍රීඩකයා මේ වන විට තරගය 52කට සහභාගී වී ඇති අතර ඉනිම් 49ක් ක‍්‍රීඩා කර ඇත

විස්සයි විස්ස තරග වාර්තා පිහිටුවේ විශේෂඥයකු ලෙස හැදින්වෙන ක‍්‍රිස් ගේල් මේ වන විට විස්සයි විස්ස තරග 309කට සහභාගී වෙමින්  විස්සයි විස්ස තරගවල වැඩිම ශතක (18), වැඩිම අර්ධ ශතක (65),වැඩිම හයේ පහරවල් (772) හා වැඩිම හතරේ පහරවල් (804) යන වාර්තාවලට හිමිකම් කියන අතර වේගවත් විස්සයි විස්ස ශතකය ලබාගත් (පන්දු 30කින්) ක‍්‍රිඩකයා ලෙසද වාර්තා පොත් අතරට එක් වී ඇත

Rate this item
(0 votes)