April 19, 2024

'චාමර අවංක ක‍්‍රිඩකයෙක්.. සත්‍ය හෙළිවේවි'

September 18, 2017

චාමර සිල්වාට ලබාදුන් වසර දෙකක තරග තහනම සම්බන්ධයෙන් හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට්‌ නායක මහේල ජයවර්ධන සිය අප්‍රසාද පළ කර සිටියි. සිය ට්‌විටර් ගිණුමේ සටහනක්‌ තබමින් මහේල සඳහන් කර ඇත්තේ මේ තහනම නිලධාරීන්ට ලබා නොදීම ගැන තමා පුදුමයට පත්වන බවයි.

'චාමර සිල්වා මා සමග ක්‍රීඩා කළ අවංක ක්‍රීඩකයෙක්‌. මේක සාධාරණ වෙන්නෙ කොහොමද. චාමර කියන්නෙ පාවාදීමට විරුද්ධ වු ක්‍රීඩකයා. ඔහුට වසර දෙකක තහනමක්‌. පාවාදීමට සම්බන්ධ පුද්ගලයන්ට වසරක තහනමක්‌. මේ පාවාදීමට සම්බන්ධ වූ පුහුණුකරුවන්ට සහ නිලධාරීන්ට ජීවිතාන්තය දක්‌වා තහනමක්‌ ලබාදිය යුතුයි. සත්‍ය එළිවෙයි.' යනුවෙන් මහේල සටහන් කර තිබේ.

Rate this item
(0 votes)