April 25, 2024

ශ්‍රී ලංකාවෙන් සරසවි කුසලානය ගිලිහෙයි

September 17, 2017

ලොව පුරා විසිරී පැතිරී තිබෙන සරසවි රැසක් එක මිටකට එකතු කර ගනිමින් පැවැත්වෙන “Red Bull සරසවි ලෝක කුසලාන” විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ ශූරතාවය හිමි කරගැනීමට දකුණු අප‍්‍රිකාවේ වයඹ විශ්ව විද්‍යාලය ඊයේ සමත්වුනා.

ඒ ගියවර ගූරයින් වු ශ‍්‍රී ලංකාවේ ව්‍යාපාර කළමනාකරණ පාසල කඩුලු 07කින් පරාජය කරමින්.

ගාලු ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රිඩාංගනයේ පැවැති අවසන් තරගයේ කාසිය වාසිය දිනාගත් දකුනු අප‍්‍රිකානු කණ්ඩායමේ නායකයා මුලින් පන්දුයැවීමට තීරණයකල අතර තම නායකාගේ අදහස නිවැදි බවට සනාථ කරමින් ශ‍්‍රී ලංකා පිලේ පිතිකරුවන් අසරණ කරමින් පන්දුවාර 20 නිමවන්නටත් මත්තෙන් ශ‍්‍රී ලංකා කණ්ඩායමේ සියලුදෙනා ලකුණු 121කට දවා ගැනීමට දකුණු අප‍්‍රිකානු පන්දුයවන බලඇණිය සමත්වුනා.

ශ‍්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් චාමික කරුණාරත්න ලකුනු 29ක් ද සරත්චන්ද‍්‍ර ලකුණු 24ක්ද වික‍්‍රමනායක ලකුණු 21ක් ලබා ගත්තා.

පන්දුයැවීමේදී ඩිලන් මැතිව්ස් හා ජුලියන් සවුටර් අතරේ කඩුලු 03 බැගින් බෙදී ගියා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ දකුණු අප්‍රිකාව මෙම පහසු ඉලක්කය පන්දුවාර 15යි පන්දු 02ක් තුළදී සම්පුර්ණ කරගත්තේ ශ‍්‍රී ලංකා පන්දුයවන්නන් අසරණ කර දමමින්.එහිදී අනුකම්පා විරහිත ප‍්‍රහාරයක යෙදුණු ආරම්භක පිතිකරු ජැන්මන් මාලන් පන්දු 47කදී නොදැවී ලකුණු 64යි

ශ‍්‍රී ලංකා කණ්ඩායමේ වෙනුවෙන් පන්දුවෙන් දස්කම් දැක්වු ජයවික‍්‍රම ලකුණු 31කට කඩුලු 02ක්ද විමලධර්ම ලකුණු 16කට එක් කඩුල්ලක්ද ලබා ගත්තා

 

Rate this item
(1 Vote)
Last modified on Sunday, 17 September 2017 03:45