April 16, 2024

තරග පාවාදීමක් හෙළිවෙයි.. චාමරට දඩුවම්

September 17, 2017

පානදුර ක්‍රීඩා සමාජය හා කලුතර ක්‍රීඩා සමාජය අතර පැවැති තරගයේදී තරග පාවාදීම වරද කරුවන් වීම හේතුවෙන් එම ක්‍රීඩා සමාජ දෙකේ නායකයන්ට වසර දෙකක ක්‍රිකට් තහනමක් පැනවූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.

ඒ අනුව මනෝජ් දේශප්‍රිය (කලුතර ක්‍රීඩා සමාජය) හා චාමර සිල්වා (පානදුර ක්‍රීඩා සමාජය) යන ක්‍රීඩකයින්ට ක්‍රිකට් ක්‍රීඩා කිරීම, පුහුණු කිරීම හා පරිපාලනය යන සියල්ලම තහනම් වෙයි.

ඊට අමතරව තවත් විනය ක්‍රියාමාර්ග හතරක් ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව තීරණය කර තිබේ.

Rate this item
(0 votes)
Last modified on Sunday, 17 September 2017 03:27