March 29, 2024

සංගා පළමු පෙළ තරගවලිනුත් සමුගනියි ..අවසන් තරගාවලියේදී ප‍්‍රහාරාත්මක ඉනිමක් දියත් කරයි

September 15, 2017

එංගලන්ත පළමු පෙළ සිව්දින තරගාවලියේදී සරේ කණ්ඩායම නියෝජනය කරමින් සුපිරි දක්ෂතා දක්වමින් සිටින කුමාර් සංගක්කාර එම තරගාවලිය යටතේ පැවැත්වෙන තවත් තරගයකදී ශතකයක් වාර්තා කිරීමට සමත්විය.

කිංස්ටන් ඕවල් පිටියේ පැවැත්වෙන තරඟයේ යෝක්ෂයර් කණ්ඩායමට එරෙහිව 12 දා ආරම්භ වූ තරගයේදී සංගා ලකුණු 164 ක් රැස්කළේ පන්දු 187කිනි. එයට හතරේ පහර 21ක් හා හයේ පහර තුනක්  ඇතුළත්ය.

පළමු ඉනිම ක්‍රීඩා කළ සරේ කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 592ක් රැස්කළේය. කැරිබියන් ප්‍රිමියර් ලීග් තරගාවලියට ක්‍රීඩා කරමින් සිටි සංගා එම තරගාවලියේදි ජැමෙයිකා කණ්ඩායම මෙහෙයවූ අතර එම තරගයෙන් ඔවුන් පරාජයට පත්ව තරගාවලියෙන් ඉවත්වීමෙන් පසුව නැවතත් එංගලන්ත පළමු පෙළ තරගාවලියට ඔහු ක්‍රීඩා කරමින් සිටියි.

මෙවර තරගාවලියෙන් පසුව සංගා පළමු පෙළ තරගවලින්ද විශ්‍රාම ගැනීමට තීරණය කර තිබේ.

Rate this item
(0 votes)
Last modified on Friday, 15 September 2017 02:44