March 28, 2024

'ලංකාවේදී ලැබු අත්දැකීම් ප‍්‍රයෝජනවත් වුනා'..ලංකාව අතහැර ඇමරිකාවට ගිය ‘රෝයි’මංගල තරගයේදීම ක‍්‍රිකට් වලින් වැඩ පෙන්වයි

September 14, 2017

'ලංකාවේදී ලැබු අත්දැකීම් ප‍්‍රයෝජනවත් වුනා'..ලංකාව අතහැර ඇමරිකාවට ගිය ‘රෝයි’මංගල තරගයේදීම ක‍්‍රිකට් වලින් වැඩ පෙන්වයි

ශ්‍රී ලංකා පළමු පෙළ ක්‍රිකට් තරග ක්‍රීඩා කළ පසුව ඇමෙරිකාවේ ජාතික ක්‍රිකට් කණ්ඩායම එක්ව සිටින ශ්‍රී ලංකා තුන්ඉරියව් රෝයි සිල්වා සිය මංගල එක්දින තරගයේදීම ඇමෙරිකාව වෙනුවෙන් විශිෂ්ට තුන් ඉරියව් දක්ෂතා දක්වා ඇත.

කැනඩා කණ්ඩායමට එරෙහිව පැවැති තරගයකදී රෝයි මෙම දක්ෂතා දක්වා ඇත. එම තරඟයේදී පන්දු යැවීමෙන් කඩුලු 4ක් ලබාගෙන ඇති රෝයි පන්දුවට පහරදෙමින්ද නොදැවී ලකුණු 38ක් රැස්කරමින් ඇමරිකා කණ්ඩායම ජයග්‍රහණය කරා මෙහෙයවා තිබේ.

තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් කැනඩා කණ්ඩායම ලකුණු 141ක් රැස්කළ අතර කැනඩා කණ්ඩායම වෙනුවෙන් වැඩිම ලකුණු ලාබියා බවට පත්වුයේද තවත් ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකු වූ ශ්‍රී මන්ත විජේරත්නය.ඔහු ලකුණු 29ක් ලබා ගැනීමට සමත් විය.පන්දු යැවීමේදී රෝයි සිල්වා තම පන්දුවාර 10 තුල ලකුණු 32 ක් පමණක් ලබා දෙමින් කැනඩා කඩුලු 4ක් දවා ගැනීමට සමත් විය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඇමෙරිකා කණ්ඩායම පන්දුවාර 40.1කදී කඩුලු පහක් පමණක් වැයකර ලකුණු 144ක් රැස්කරමින් තරගය ජයගත් අතර රෝයි ඇමරිකා කණ්ඩායම වෙනුවෙන් වැඩිම ලකුණු ලාබියා බවට පත්වුයේ පන්දු 36 ක් තුල හයේ පහර දෙකක් සහ හතරේ පහර 4ක් සමඟ ලකුණු 38ක් ලබා ගැනීමට සමත් විය.

රෝයි තරඟයෙන් අනතුරුව ප්‍රකාශ කලේ පළමු තරඟයේ දැක්වූ දක්ෂතා ගැන තමන් සතුටු වන බවත්,ශ්‍රී ලංකාවේදී ලැබූ අත්දැකීම් තමාට පළමු තරඟයේ ම මෙවැනි දක්ෂතාවක් පෙන්වීමට හේතුවූ බවත් ය.

රෝයි සිල්වා ශ්‍රී ලංකාවේ හලාවත මේරියන්ස්, කෝල්ට්ස්, කඳුරට, මුවර්ස් හා ශ්‍රී ලංකා ගුවන් හමුදා කණ්ඩායම් නියෝජනය කර ඇති තුන් ඉරියව්වෙන්ම දක්ෂතා දක්වා ඇති ක්‍රීඩකයෙකි.

Rate this item
(0 votes)