April 20, 2024

අප‍්‍රිකානු ක‍්‍රිකට් කණ්ඩායමේ සුක්කානම 'ඩුප්ලෙසි' අතට..

September 13, 2017

දකුණු අප්‍රිකානු එක්දින ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයට ෆෆ් ඩු ප්ලෙසි පත් කිරීමට දකුණු අප්‍රිකානු ක්‍රිකට් ආයතනය කටයුතු කර තිබෙනවා.

ඒ එම කණ්ඩායමේ නායකත්වය දැරූ ඒ.බී. ඩිවිලියර්ස් නායකත්වයෙන් ඉල්ලා අස්වීම හේතුවෙන්.

සිය ඉල්ලා අස්වීම පිළිබඳව නිවේදනය කරමින් ඩිවිලියර්ස් පවසා සිටියේ දකුණු අප්‍රිකානු එක්දින කණ්ඩායමේ නායකත්වයට තවත් ක්‍රීඩකයෙකුට අවස්ථාවක් ලබා දීමේ අරමුණින් තමන් නායකත්වයෙන් ඉල්ලා අස්වන බවටයි.

දකුණු අප්‍රිකානු එක්දින කණ්ඩායමේ නායකත්වයට පත්වූ  ඩු ප්ලෙසි මේ වන විට දකුණු අප්‍රිකානු ටෙස්ට් සහ විසයි විස්ස කණ්ඩායමේ නායකත්වයද හොබවනවා.

Rate this item
(0 votes)