April 24, 2024

අමිල අපොන්සු ගෙන් විශිෂ්ට පන්දුයැවීමක්.. ශ්‍රී ලංකාවට ලකුණු 47 ක ජයක්

September 11, 2017

'රෙඩ්බුල්' ආයතනය සංවිධානය කරන විශ්ව විද්‍යාල ක්‍රිකට් ලෝක ශූරතා තරගාවලියේදී බංගලාදේශ ලිබරල් ආර්ට් විශ්ව විද්‍යාල පිලට එරෙහිව ලකුණු 7 ක ජයක් හිමිකර ගැනීමට ශ්‍රි ලංකාවේ ව්‍යාපාර කළමනාකරණ පාසල් (බී.එම්.එස්) පිල ඊයේ (10 වැනිදා) සමත්විය. මෙම තරගය කෝල්ට්ස් ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

පිත්තෙන් දස්කම් දක්වමින් පන්දු 33 කදී හයේ පහරක් සහ හතරේ පහර තුනක් සමගින් ලකුණු 40 ක් රැස්කර ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා විමට ජනිත් ලියනගේ සමත්විය. අමිල අපෝන්සු ඕවර 4 ක් යවමින් ලකුණු 13 කට කඩුලු 3 ක් සහ චාමික කරුණාරත්න ලකුණු 26 කට කඩුලු 2 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීමට සමත්වුහ.

තරගයේ වීරයා – ජනිත ලියනගේ (ශ්‍රී ලංකාව – BMS)

ඕස්ට්‍රේලියාව, බංග්ලාදේශය, දකුණු අප්‍රිකාව, ඉන්දියාව, පාකිස්තානය, සිම්බාබ්වේ, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ ශ්‍රී ලංකාව යන රටවල් නියෝජනය කරමින් මෙවර තරගාවලියට කණ්ඩායම් 8 ක් සහභාගි වෙයි. එම කණ්ඩායම් සිය රට වලදී දේශීය මට්ටමින් පැවැති විශ්ව විද්‍යාල ක්‍රිකට් තරගාවලි ජයගමින් මෙම ලෝක කුසාලාන තරගාවලියට සුදුසුකම් ලබා සිටියි.

ඉකුත් වසරේ පැවැති විශ්ව විද්‍යාල ක්‍රිකට් ලෝක කුසාලාන තරගාවලියේ ශූරයන් බවට පත්වූ ශ්‍රී ලංකාවේ ව්‍යාපාර කළමනාකරණ පාසල (බී.එම්.එස්. කණ්ඩායම), සිය ශූරතාව රැකගැනීමේ අරමුණින් මෙවර තරගාවලියට සහභාගි වී සිටියි

ශ්‍රී ලංකාව – 188/7 (20): ජනිත් ලියනගේ 40, චාමික කරුණාරත්න 28*,කේ. ජයවික්‍රම 18*, හශාන් දුමිඳු 17, අරිෆුර් රහමාන් 2/18, අන්ජුම් අහමඩ් 2/28.
බංග්ලාදේශය – 141/7 (20): ජසිම් උඩ්ඩින් 32, නහිදුල් ඉස්ලාම් 24, අන්ජුම් අහමඩ් 23*, අමිල අපෝන්සු 3/13, චාමික කරැණාරත්න 2/26.

Rate this item
(0 votes)