March 29, 2024

ශ‍්‍රි ලංකා කණ්ඩායමේ පළමු දිවා - රාත‍්‍රි ටෙස්ට් තරගය ඩුබායි හීදී..ශ‍්‍රී ලංකා - පාකිස්තානු තරගාවලියේ කාලසටහන මෙන්න..

September 10, 2017

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සිය ඉතිහාසයේ ප්‍රථම වතාවට පැවැත්වෙන දිවා රාත්‍රී ටෙස්ට් තරගය ඔක්තෝබර් 6 දා සිට 10 දා දක්වා ඩුබායි හිදී පැවැත්වීමට නියමිතය. ඒ පාකිස්තාන කණ්ඩායමට එරෙහිවය.

මෙම තරගාවලිය සැප්තැම්බර් 28 දා සිට ඔක්තෝබර් 29 දා දක්වා පැවැත්වෙයි. එයට ටෙස්ට් තරග දෙකක්, එක්දින තරග පහක් හා විස්සයි20 තරග තුනක් ඇතුළත්වෙයි.

තරගාවලියේ තෙවැනි විස්සයි20 ඔක්තෝබර් 29 දා පාකිස්තානයේ ලාහෝර් නුවරදී පැවැත්වීමට නියමිතය. ඒ අනුව 2009 වසරේදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ලාහෝර් නුවරදී ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වීමෙන් පසුව ශ්‍රී ලංකාව යළිත් පාකිස්තානයේ ක්‍රීඩා කරන පළමු තරගය මෙය වෙයි.

තරග කාල සටහන..

September 28-October 2 Ist Test Abu Dhabi
October 6-10 Second Test (day-night) Dubai
October 13 Ist ODI Dubai
October 16 Second ODI Abu Dhabi
October 18 Third ODI Abu Dhabi
October 20 Fourth ODI Sharjah
October 23 Fifth ODI Sharjah
October 26 First Twenty20 international Abu Dhabi
October 27 Second Twenty20 international Abu Dhabi
October 29 Third Twenty20 international Lahore

Rate this item
(1 Vote)
Last modified on Sunday, 10 September 2017 21:10