April 25, 2024

ඕස්ට්‍රේලියානුවෝ ටෙස්ට් තරගාවලිය සම කරති..ලයන් වසර 130 පැරණි වාර්තාවක් බිඳදමයි

September 08, 2017

බංග්ලාදේශයට එරෙහිව බංග්ලාදේශයේ චිතගොංහි සහුර් අහමඞ් චෞද්‍රි ක්‍රීඩාංගණයේදී පැවැති දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් කඩුලු 7 ක ජයක් අත්කරගත් ඕස්ට්‍රේලියාව, තරග 2 කින් සමන්විත වූ ටෙස්ට් තරගාවලිය 1-1 ක් ලෙස සම තත්ත්වයට පත් කළේය.

දෙවැනි ටෙස්ට් තරගයේ ජයග්‍රහණය සඳහා ලකුණු 85 ක ඉලක්කයක් හඹාගිය ඕස්ට්‍රේලියානු කණ්ඩායම කඩුලු 3 ක් දැවී එම ඉලක්කය පසුකර ගියේය.

පළමු ඉනිමේදී ලකුණු 77 ක් පසුපසින් සිටිමින් දෙවැනි ඉනිම ඇරඹූ බංග්ලාදේශ කණ්ඩායම ලකුණු 157 කට සීමා කිරීමට නේතන් ලයන් ප්‍රමුඛ ඕස්ට්‍රේලියානු පන්දු යවන්නෝ සමත් වූහ. පළමු ඉනිමේදී කඩුලු 7 ක් දවාගත් ලයන්, දෙවැනි ඉනිමේදීද ලකුණු 60 කට කඩුලු 6 ක් දවාගනිමින් ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ ජයග්‍රහණයේ නියමුවා බවට පත් විය.

 එහිදී නේදන් ලයන් වසර 130 ක් පැරණි ඕස්ට්‍රේලියා වාර්තාවක් බිඳ දැමීමට සමත් වූ අතර රංගන හේරත් පිහිටවා තිබු වාර්තාවක් සම  කිරීමට එක කඩුල්ලක් අඩු විය.

1887 දී අළුබඳුන තරඟාවලියේ JJ Ferrisවිසින් තරඟ දෙකක් තුල ඕස්ට්‍රේලියා පන්දු යවන්නෙකු බිඳ දැමු වැඩිම කඩුලු වාර්තාවට හිමකම් කිව්වේ කඩුලු 18ක් බිඳ දමමිනි.ලයන් මේ තරඟ දෙක තුල දවාගත් කඩුලු ප්‍රමාණය කඩුලු 22 ක් විය.

තරඟ 2 ක් තුල බිඳ දමා ඇති වැඩිම කඩුලු ප්‍රමාණය ලෝක වාර්තාව උසුලන්නේ ශ්‍රී ලංකා සුපිරි දඟ පන්දු යවන ක්‍රීඩක රංගන හේරත්ය.හේරත් 2014 පකිස්ථානය සමඟ පැවති ටෙස්ට් තරඟ දෙකකින් යුතු තරඟාවලියේදී කඩුලු 23 ක් බිඳ දමා පිහිටවා තිබෙන ලෝක වාර්තාව බිඳ දැමීමට ලයන්ට අද දිනයේ නොහැකි විය.

 බංග්ලාදේශ දෙවැනි ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වූ මුෂ්ෆිකුර් රහීම් පන්දු 103 කට මුහුණ දෙමින් හතරේ පහරක් සමග ලකුණු 31 ක් රැස්කළ අතර මොමිනුල් හක් පන්දු 61 කදී හතරේ පහර 2 ක් සමග ලකුණු 29 ක්ද රැස්කළේය.

Rate this item
(1 Vote)