March 28, 2024

'කෝලි' යළිත් ඉන්දියාව දිනවයි

September 07, 2017

ශ්‍රී ලංකා කණ්ඩායම හා ඉන්දීය කණ්ඩායම අතර දීර්ඝ සංචාරය නිමාකරමින් පැවැති විස්සයි20 තරගයේදී කඩුලු 7ක ජයක් ඉන්දීය කණ්ඩායම ලබාගත්තේය. ඒ අනුව ටෙස්ට් තරගාවලිය 3-0, එක්දින තරගාවලිය 5-0ක් හා විස්සයි20 තරගයද ඉන්දියාව ජයගත්තේය.

තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 170ක් රැස්කළ අතර එම ඉලක්කය කඩුලු තුනක් පමණක් වැය කර පසුකර යෑමට ඉන්දීය කණ්ඩායම සමත්විය.

ශ්‍රී ලංකාව වෙනුවෙන් පන්දු 29 කදී සිය මංගල විස්සයි20 අර්ධ ශතකය ලබාගත් ඩිල්ෂාන් මුණවීර, සිය ඉනිම හයේ පහර 4 කින් සහ හතරේ පහර 5 කින් අලංකාර කළේය.අශාන් ප්‍රියංජන්, ඉනිම නිමාවන තෙක්ම කඩුල්ලේ රැදී සිටිමින් පන්දු 40 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහරක් සමග නොදැවී ලකුණු 40 ක් රැස්කළේය.

ඉන්දියාව වෙනුවෙන් පන්දු 54 කදී හයේ පහරක් සහ හතරේ පහර 7 ක් සමගින් සිය 17 වැනි T20 අර්ධ ශතකය ලබාගත් විරාට් කෝලි, තරගයේ වීරයා ලෙසද සම්මාන දිනාගත්තේය. 

 

Rate this item
(0 votes)
Last modified on Thursday, 07 September 2017 07:46