March 28, 2024

ඉන්දු -ශ‍්‍රී ලංකා T20 තරඟය අවිනිශ්චිත බව ICC ය නිවේදනය කරයි…

September 06, 2017

ඉන්දු -ශ‍්‍රී ලංකා T20 තරඟය අවිනිශ්චිත බව ICC ය නිවේදනය කරයි…

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර තරග පහකින් සමන්විත එක්දින තරගාවලිය නිමාවට පත්වුයේ ඉන්දියාවට පුර්ණ තරගාවලි ජයග්‍රහණයක් හිමිකර දෙමින්.කෙසේ වෙතත් ශ්‍රී ලංකාවේ ගෞරවය මදක් හෝ රැක ගැනීමට ඇති එකම අවස්තාව වන්නේ මෙම සංචාරයට ඇතුලත් වී තිබෙන එකම විස්සයි විස්ස තරගය ජය ගැනීමෙන් පමණි.

නමුත් එම තරගය අද දිනයේ නොපැවැත්වෙනු ඇති බවට මේ වන විට ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගනයෙන් වාර්තා වනවා.ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගනය පසුගිය දෙදෙන තුළ වැසි සහිත කාලගුණය හේතුවෙන් මුළුමනින්ම වසා තැබීමට සිදුව තිබෙනවා.ඊයේ දිනයේ කොලබ නගරයට නොකඩවා වර්ශාපතනයක් ලැබුණු අතර පවතින වැසි සහිත කාලගුණ තත්ත්වයේ වර්ධනයක් අද දිනය තුළ ද අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කලා.

තරඟය නොපැවැත්වීමේ ඉඩ වැඩි බව ICC යද තම නිල වෙබ් අඩවියේ පුවතක් පළකර ඇත.

කෙසේ වෙතත් හෙට දිනයේ තරගය නොපැවැත්වීමට සිදු වුවහොත් වෙනත් දිනයකදීද තරගය පැවැත්වීම කෙරෙහි ක්‍රිකට් බලධාරීන්ට තීරණයකට එලබීමට නොහැකි වනු ඇත.එනම් ඉන්දියාව සහ ඔස්ට්‍රේලියාව අතර ටෙස්ට් තරගාවලිය සදහා පුහුණුවීම් කටයුතු සිදු කිරීමට ඉන්දීය කණ්ඩායමට තම මව්බිමට යාමට සිදු වන නිසාය.

Rate this item
(0 votes)