April 20, 2024

දිගින් දිගටම අසාර්ථක වු උපුල් තරංග ඉදිරි තරගාවලියෙන් ඉවත් වෙයි

September 04, 2017

ශ්‍රී ලංකා සීමිත  පන්දුවාර නායක උපුල් තරංග තමාව මාසය හයක කාලයක් සඳහා ටෙස්ට් තරග සඳහා සම්බන්ධ කර නොගන්නා ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට දැනුම් දී තිබේ.

ඒ අනුව පාකිස්තානයට එරෙහිව පැවැත්වෙන ටෙස්ට් තරගාවලියටත්, ඉන්දියාවට එරෙහිව පැවැත්වෙන ටෙස්ට් තරගාවලියටත් තරංග ක්‍රීඩා නොකරනු ඇත.

මේ පිළිබඳව නිවේදනයක් නිකුත් කරන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කරන්නේ එක්දින හා විස්සයි20 තරග සඳහා මූලිකත්වය ලබාදීමට ඔහු මෙම තීරණය ගෙන ඇති බවයි.

Rate this item
(2 votes)
Last modified on Monday, 04 September 2017 17:52