March 29, 2024

'අවශ්‍ය දේ කරන්න බැරිනම් මම මෙහේ ඉදීම පළක් නෑ'..ලසිත් මාලිංග සමුගැනීම ගැන තීරණයක් ගනියි

September 04, 2017

ශ‍්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු යවන ක‍්‍රීඩක ලසිත් මාලිංග ඉදිරි මාස තුන හතර තුළදී තමා පිළිබඳව තක්සේරුවක් කර ගැනීමෙන් පසුව ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගැනීම ගැන තීරණයක් ගන්නා බව පවසයි.

“  මේ තරගාවලියෙන් පසුව මම කොහේද ඉන්නේ කියා තක්සේරුවක් කරනවා. ඒ වගේම තව කොපමණ කාලයක් මට මගේ ශරීර ක්‍රීඩා කරන්න දෙයිදැයි මම තක්සේරු කරනවා.

මට කොතරම් පළපුරුද්දක් තිබෙනවාදැයි යන්න වැදගත් නෑ. මට කණ්ඩායම වෙනුවෙන් තරග දිනවන්න හෝ කණ්ඩායම වෙනුවෙන් අවශ්‍ය දේ කරන්න බැරිනම් මම මෙහේ ඉදීම පළක් නෑ.

මම බලනවා මට ඉදිරි මාස තුන හතර තුළ නැවතත් දක්ෂතා අතරට එන්න පුළුවන්ද කියා. නමුත් බැරිනම් මම සතුටින් සමුගන්නවා.:

 

Rate this item
(0 votes)
Last modified on Monday, 04 September 2017 07:39