April 25, 2024

ශ්‍රී ලංකාව මව්බිමේ ලද විශාලම පරාජය සමග ලෝක කුසලානය ගැනත් අවධානමක්!

September 01, 2017

ශ්‍රී ලංකා කණ්ඩායමට 2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියටසෘජුව සුදුසුකම් ලැබීමේ අවස්ථාව අහිමි විය.

ඒ, ඉන්දීය කණ්ඩායමට එරෙහි එක්දින තරගාවලියේ ඊයේ පැවති සිව්වැනි තරගය ද පරාජය වීමත් සමගිනි.

මෙම පරාජයත් සමග 2019 ලෝක කුසලාන එක්දින ක‍්‍රිකට් තරගාවලියට නිතරගයෙන් සුදුසුකම් ලැබීමට ශ‍්‍රී ලංකාවට ඇති අවස්ථාව ද තවදුරටත් සීමා වනවා. වත්මන් සැකැස්ම අනුව ලෝක කුසලාන එක්දින ක‍්‍රිකට් තරගාවලියකට නිතරගයෙන් සුදුසුකම් ලබන්නේ සත්කාරක රට සහ තෝරාගන්නා අවස්ථාවේදී එක්දින ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියෙන්ම සිටින සෙසු කණ්ඩායම් 07යි.

දැන් එම අවස්ථාව ලබා ගැනීමට නම් ශ‍්‍රී ලංකාව, ඉන්දියාව සමග පැවැත්වෙන මීළග තරගය අනිවාර්යෙන් ජයගත යුතු වනවා මෙන්ම බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ඔවුන් සහභාගී වන මීළග එක්දින තරගාවලියේ දී එක් තරගයක් හෝ පරාජය විය යුතු බව විචාරකයින් පෙන්වා දෙනවා. 

ඉන්දියාවට එරෙහි එක්දින තරගාවලියේ තරග 2 ක් ජය ගැනීමට සමත් වූයේ නම් ශ්‍රී ලංකාවට එළැඹෙන 2019 ක්‍රිකට් ලෝක කුසලානයට සෘජුව සුදුසුකම් ලැබීමේ අවස්ථාව හිමිව තිබුණි..

කොළඹ, ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ ඊයේ පැවැති තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය කණ්ඩායම රැස් කළ ලකුනු 375ට පිළිතුරු ලෙස ශ්‍රී ලංකාවට සියලු දෙනා දැවී රැස් කිරීමට හැකි වූයේ ලකුණු 207ක් පමණි.

ඉන්දීය කණ්ඩායම තරග 4ට 0ක් ලෙස තරගාවලියේ ඉදිරියෙන් සිටී.

Rate this item
(1 Vote)
Last modified on Friday, 01 September 2017 07:37