April 20, 2024

ශ‍්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු නික් පෝතාස් හෙළි කරන පිටස්තර පුද්ගලයා කවුද?

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ කටයුතු සඳහා පිටස්තර පුද්ගලයින් මැදිහත් වන බව කණ්ඩායමේ පුහුණුකරු නික් පෝතස් පවසනවා.ඔහු මේ බව සඳහන් කළේ දඹුල්ල ක‍්‍රීඩාංගණයේ පැවති තරගයෙන් ශ‍්‍රී ලංකා කණ්ඩායම ලද පරාජය පිළිබඳ අදහස් දක්වමින්.

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් සැලැස්ම පිළිබඳ අදහස් දක්වමින් ඔහු උදාහරණයක් ලෙස ප‍්‍රකාශ කර ඇත්තේ එහි ‘‘කෝකීන්’’ වැඩි බවයි.

සෑම තරගයකටම පාහේ නවක ක‍්‍රීඩකයින් එක්වන බැවින් ක‍්‍රීඩකයින් කෙරෙහි නිශ්චිත අවධානයකින් කටයුතු කිරීම දුෂ්කර වී ඇති බවද නික් පෝතස් පවසනවා.

ඇතැම් තෝරාගැනීම් වැරදි සහගත බව පවසන ඔහු ඒවා මෙහිදී දැඩි ලෙස විවේචනය කිරීමද කැපී පෙනුන සිද්ධියක්.

කෙසේ වෙතත් ශ‍්‍රී ලංකා කණ්ඩායමේ ක‍්‍රීඩකයින් මෙන්ම පුහුණුකරුවන්ද දැඩි කැපවීමකින් යුක්තව කටයුතු කරන බවයි ඔහු වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ.

 

Rate this item
(0 votes)