April 25, 2024

ඉන්දියාවට එරෙහි එක්දින හා විස්සයි විස්ස සංචිතය නම් කරයි

ඉන්දියාවට එරෙහිව පැවැත්වෙන තරග 5 කින් සමන්විත එක්දින තරගාවලිය සහ විස්සයි20 තරගය සඳහා ශ‍්‍රී ලංකා සංචිතය සංචිතය ඊයේ නම් කෙරුණා.

ක්‍රීඩකයන් 15 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා සංචිතයට පිතිකරුවන් 5 දෙනෙක්, තුන් ඉරියව් ක්‍රීඩකයන් තිදෙනෙක්, දඟ පන්දු යවන්නන් සිවු දෙනෙක් සහ වේග පන්දුයවන්නන් තිදෙනෙක් ඇතුළත්ව සිටිති.

ටෙස්ට් තරගාවලයට සහභාගි වූ වමතින් දඟ පන්දුයවන ක්‍රීඩක මලින්ද පුෂ්පකුමාර සහ වේග පන්දුයවන විෂ්ව ප්‍රනාන්දු පළමු වරට එක්දින සංචියට කැඳවා ඇති අතර තුන් ඉරියව් ක්‍රීඩකයන් වන මිලින්ද සිරිවර්ධන සහ තිසර පෙරේරාද කලකට පසු නැවතත් කණ්ඩායමට කැඳවා තිබේ.

මේ අතර විවිධ ආබාධ තත්ත්වයන්ට ලක්ව සිටීම හේතුවෙන් අසේල ගුණරත්නට, කුසල් ජනිත් පෙරේරාට සහ නුවන් ප්‍රදීප්ට මෙම තරගාවලියේදී කණ්ඩායමේ ස්ථාන අහිමිවී ඇත.

 දෙරට අතර පැවැත්වෙන පළමු එක්දින තරගය මේ මස 20 වැනිදා රංගිරි දඹුලු ක්‍රීඩාංගණයේදීද, දෙවැනි (24 වැනිදා) සහ තෙවැනි (27 වැනිදා) තරග පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදීද, සිවුවැනි (31 වැනිදා) සහ පස්වැනි (සැප්තැම්බර් 3 වැනිදා) තරග ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදීද පැවැත්වේ. විස්සයි20 තරගය (සැප්තැම්බර් 6 වැනිදා) පැවැත්වෙන්නේද ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදීමය.

ශ්‍රී ලංකා සංචිතය
උපුල් තරංග (නායක), ඇන්ජලෝ මැතිව්ස්, නිරෝෂන් දික්වැල්ල, ධනුෂ්ක ගුණතිලක, කුසල් මෙන්ඩිස්, චාමර කපුගෙදර, මිලින්ද සිරිවර්ධන, මලින්ද පුෂ්පකුමාර, අකිල ධනංජය, ලක්ෂාන් සඳකැන්, තිසර පෙරේරා, වනිඳු හසරංග, ලසිත් මාලිංග, දුෂ්මන්ත චමීර සහ විෂ්ව ප්‍රනාන්දු

Rate this item
(0 votes)