April 25, 2024

සමහර කරුණු විවෘතව කථා කරන්න බෑ .. උපුල් තරංගගෙන් සංවේදී ඉල්ලීමක්;විශේෂ නිවේදනයක්

උපාය මාර්ගික හේතු මත ඇතැම් කරුණු පිළිබද විවෘතව කතා කළ නොහැකි බව ශ‍්‍රී ලංකා එක්දින ක‍්‍රිකට් නායක උපුල් තරංග පවසනවා. කෙසේවෙතත් කණ්ඩායම යලි ගොඩගැනීමට අවශ්‍ය කටයුතු සිදුවෙමින් පවතින බවයි විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ඔහු සඳහන් කලේ. ක‍්‍රීඩකයින් කෙරෙහි විශ්වාසය තබමින් කණ්ඩායම සමග එක්වන්නැයි ද ශ‍්‍රී ලංකා එක්දින නායකයා ඉල්ලීමක් කරනවා’

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායම ඉතිහාසයේ ටෙස්ට්, එක්දින හා විස්සයි විස්ස තරගවලදී ලැබු ජයග‍්‍රහණ වර්තමානයේ කණ්ඩායම මුහුණ දී සිටින අමිහිරි අත්දැකීම් හමුවේ අමතක නොකරන ලෙසටයි උපුල් තරංග ක‍්‍රීඩා ලෝලින්ගෙන් ඉල්ලා සිටින්නේ’ ලෝකයේ සෑම දක්ෂ කණ්ඩායමක් වුවද මෙවැනි පසුබෑම්වලට ලක්වන බවයි නායකයා පෙන්වා දෙන්නේ’ එහි ධනාත්මක ප‍්‍රථිඵල ලබා ගැනීමට යම් කාලයක් ගතවනු ඇති බවයි ඔහුගේ මතය වන්නේ’ සමස්ත ශ‍්‍රී ලාංකිකයන්ගේ ගෞරවය රැුක ගැනීම තම කණ්ඩායමේ එකම අරමුණ බවයි ශ‍්‍රී ලංකා එක්දින ක‍්‍රිකට් නායක උපුල් තරංග සදහන් කළේ’

“සෑම කණ්ඩායමක්ම නොයෙක් වූ පසුබෑම් වලට මුහුණ දෙනවා, එය ලෝකයේ සෑම කණ්ඩායමකටම අදාල වන න්‍යායයක්. කොතරම් දක්ෂ කණ්ඩායමක් වුවත් එවැනි පසුබෑම් වලට විටින් විට මුහුණ දීමට සිදුවෙනවා.”

“උපාය මාර්ගික හේතු මත ඇතැම් කරුණු අපට විවෘතව කථා කළ නොහැකියි, නමුත් නිසැක වශයෙන්ම තිරය පිටුපස ප්‍රතිඵල දකිනවා. කෙසේ වුවත් එහි ධනාත්මක බලපෑම මතුපිටින් පෙනීමට තව යම් කාලයක් ගතවේවි. ඉතින් මම කියා සිටින්නේ මදක් ඉවසා සිටින්න, වැදගත්ම කරුණ වන්නේ අප කෙරෙහි විශ්වාසය තබන්න.”

“ක්‍රීඩකයන්ගේ චිත්ත ධෛර්ය නගා සිටුවීමට ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයන්ගෙන් ලැබෙන සහයොගය ඉතාමත් වැදගත් වෙනවා. අප ක්‍රීඩා කරන්නේ ශ්‍රී ලංකා මාතාව වෙනුවෙන්, අපගේ එකම අරමුණ මිලියන විස්සකට අධික ශ්‍රී ලාංකිකයන් හට ආඩම්බරයක් රැගෙන ඒමයි. ඉතින් ඒ සඳහා ඔබගේ සහයෝගය අවශ්‍යම මොහොතයි මේ. ශ්‍රී ලංකා එක්දින සහ විස්සයි20 කණ්ඩායමේ නායකයා ලෙස මා ඔබගෙන් ඉල්ලා සිටින ආයාචනය මෙයයි. අම්මේ, තාත්තේ, අක්කේ. අයියේ, නංගි, මල්ලි, අපි කෙරෙහි විශ්වාසය තබන්න. අපිත් සමග රැදී සිටින්න. යළිත් සිංහයන් සේ නැගී සිටින්නට අපට ශක්තියක් වෙන්න.”

Rate this item
(1 Vote)
Last modified on Wednesday, 16 August 2017 06:56