April 20, 2024

පරාජය අස්සේ පිතිකරුවන් නිසා  ශ‍්‍රී ලංකා කණ්ඩායම ඉතිහාසයට එක් වු හැටි මෙන්න

සංචාරක ඉන්දියානු කණ්ඩායම හා ශ‍්‍රී ලංකා කණ්ඩායම අතර පැවැති තෙවැනි ටෙස්ට් තරගය ඉනිමකින් හා ලකුණු 171කින් ජයගැනීමට ඉන්දියාව ඊයේ(14) සමත් වුනා.

 තරගයේ පළමු ඉනිම ක්‍රීඩා කළ ඉන්දීය කණ්ඩායම ලකුණු 487ක් රැස්කළ අතර ශ්‍රී ලංකාව පළමු ඉනිමට රැස්කළේ ලකුණු 135ක් පමණි.

ඉන්දියානු පළමු ඉනිමට වඩා ලකුණු 352ක් පිටුපසින් සිටියදී නැවතත් ඉනිම ඇරඹු ශ‍්‍රී ලංකා කණ්ඩායම ලකුණු 181ට සීමාවිය.

එහිදී ශ‍්‍රී ලංකා පිතිකරුවකු  ටෙස්ට් තරගයකදී  ලකුණු 50 ක් ලබා ගැනීමට අසමත් වූ තුන්වන අවස්ථාව ලෙස හා  තරග 3කින් සමන්විත ටෙස්ට් තරගමාලාවකින් 3-0ක පූර්ණ පරාජයක් අත්කර ගත්  06වන අවස්ථාව ලෙස ශ‍්‍රී ලංකා කණ්ඩායම ඉතිහාසයට එක්විය.

ශ්‍රී ලංකා පිල මීට පෙර තරග 3කින් සමන්විත ටෙස්ට් තරගමාලාවකින් 3-0ක පූර්ණ පරාජයක් අත්කර ගත් අවස්ථා 5ක් ඉතිහාසයට එක්වී තිබේ. පළමුවරට එවැනි පරාජයක් අත්විදිනු ලැබුවේ 1993-94 ශ්‍රී ලංකා පිලේ ඉන්දීය සංචාරයේදීය. අනතුරුව 1995-96 තරග වාරයේ ඔස්ට්‍රේලියාවේදීත්, 2003-2004 තරගවාරයේ ශ්‍රී ලංකාවේදීත්, 2012-2013 තරගවාරයේ නැවත ඔස්ට්‍රේලියාවේදීත් ශ්‍රී ලංකා පිල තරග 3කින් සමන්විත ටෙස්ට් තරගමාලා 3කින් ඔස්ට්‍රේලියාව හමුවේ පූර්ණ වශයෙන් පරාජයට පත්විය.

අවසන් වරට තරග 3කින් සමන්විත ටෙස්ට් තරගමාලාවකින් ශ්‍රී ලංකා පිල පූර්ණ පරාජයක් ලැබුවේ පසුගිය දකුණු අප්‍රිකානු සංචාරයේදීය.

Rate this item
(2 votes)
Last modified on Tuesday, 15 August 2017 01:21